“කටුසු" මයික් පොම්පියෝ ගේ ජනාධිපති වීමේ අභිලාෂය
2020-08-13 19:33:48
Share with:

“කටුසු" මයික් පොම්පියෝ ගේ ජනාධිපති වීමේ අභිලාෂය

"කටුසු" මයික් පොම්පියෝ ගේ ජනාධිපති වීමේ අභිලාෂය වර්ධනය වෙමින් පවතී

"මුදල් සහ ටිකට් පත් ඇමරිකාවේ දේශපාලනයේ එකම තර්කනය බවට පත්ව ඇත. වර්තමාන ඇමරිකාවේ රාජ්‍යතාන්ත්‍රික ක්ෂේත්‍රය අවස්ථාවාදීන් භාර ගෙන සිටින අතර වෘත්තිකයෝ පසෙකට වී සිටිති." මෑතකදී, ප්‍රසිද්ධ ඇමරිකානු රාජ්‍ය තාන්ත්‍රිකයෙකු වන බ්‍රෙසින්ස්කිගේ පුත් බ්‍රෙසින්ස්කි ඇමරිකානු දේශපාලනයේ යථාර්ථය සම්බන්ධයෙන් චීන මාධ්‍ය සමූහය සමඟ සම්මුඛ සාකච්ඡාවකදී මෙවැනි මතයක් දැරීය. මෙම අවස්ථාවාදීන් අතර, මයික් පොම්පියෝ නිසැකවම වඩාත්ම කුප්‍රකට ය.

මයික් පොම්පියෝ 2024 දී ජනාධිපති ධුරයට තරග කිරීමේ තණ්හාව පිළිබදව මීට වසරකට පෙර රහසිගතව සිටියේ නම් එය දැන් විවෘත රහසකි. මයික් පොම්පියෝ පසුගිය මාසයේ අයෝවා නුවරට ගොස් “පවුල් නායකයින්ගේ සමුළුවට” සහභාගී වී දේශනයක් සිදු කළේය. මෙම ජනපදය රාජ්‍ය ලේකම්වරයා‍ ගේ රාජකාරී සඳහා කලාතුරකින් සම්බන්ධ වන නමුත් එය ජනාධිපති අපේක්ෂකයින් සඳහා අත්‍යවශ්‍ය ප්‍රදේශයකි. මයික් පොම්පියෝගේ කථාව වොෂිංටන් පෝස්ට් විසින් ශ්‍රේණිගත කරනු ලැබුවේ "අනාගත ජනාධිපති අපේක්ෂකයෙකු පුද්ගලික අවශ්‍යතා ඉටු කිරීම සඳහා කරන ලද දේශපාලන හිස් කතාවක්" ලෙස ය. "පොම්පියෝ, ඔබ අයෝවා හි කරන්නේ කුමක්ද? යන්න CNN හි පල කළ ලිපිය පෙන්වා දෙන්නේ විශ්වාසදායක කොන්සර්වේටිව් ඡන්දදායකයින් පිරිසක් එම ජනපදය සතුවන බවයි. රිපබ්ලිකන් ප්‍රාථමිකයේ අපේක්ෂකයින්ගේ සාර්ථකත්වය හෝ අසාර්ථකත්වය තීරණය කළ හැක්කේ මෙම ඡන්දදායකයින්ගේ තෝරා ගැනීම මතය. මයික් පොම්පියෝ රාජ්‍ය ලේකම්වරයා වශයෙන් සිය රාජකාරිය මුළුමනින්ම අතහැර දමා ජාත්‍යන්තර වශයෙන් ඇමරිකාවේ අවශ්‍යතා ආරක්ෂා කළ යුතු ප්‍රධාන රාජ්‍යතාන්ත්‍රිකයා වුවද සිය පුද්ගලික වාසි කෙරෙහි වැඩි අවධානයක් යොමු කර ඇතැයි ඇමරිකාවේ දේශපාලන ප්‍රවෘත්ති වෙබ් අඩවියක් වන බල්ක්වාර්ක් , පෙන්වා දෙයි.

පොම්පියෝ වැනි කුපක්‍රට දේශපාඥයන් විසින් චීනය සම්බන්ධයෙන් ඇමරිකානු ප්‍රතිපත්තිය වැරදි දිශාවකට යොමු කළහොත්, විශාල වන්දියක් ගෙවීමට සිදුවන්නේ සමස්ත ඇමරිකානු ජනතාවටම ය. ඉතිහාසය ආපසු හැරවීමට උත්සාහ කරන පොම්පියෝ, දේශපාලන නීරස හා ඓතිහාසික අපරාධකරුගේ ලේබලය සමඟ කැත සලකුණක් තැබීමට නියමිතය.


ගුවන් විදුලිය
20240503සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන