චීනයේ ප්‍රති සම්බාධක යුක්ති සහගත සහ අවශ්‍ය ක්‍රියා මාර්ගයකි
2020-08-11 20:08:44
Share with:

චීනයේ ප්‍රති සම්බාධක යුක්ති සහගත සහ අවශ්‍ය ක්‍රියා මාර්ගයකි

ඇමරිකානු පාර්ශ්වයට එරෙහි චීනයේ ප්‍රති සම්බාධක පැනවීම යුක්ති සහගත සහ අවශ්‍ය ක්‍රියා මාර්ගයකි.

හොංකොං විශේෂ පරිපාලන කලාපය සම්බන්ධයෙන් අයහපත් ලෙස හැසිරුණු ඇමරිකානු නිලධාරීන් 11 දෙනෙකුට සම්බාධක පනවන බව චීනයේ විදේශ අමාත්‍යංශය 10 වනදා නිවේදනය කළේය. මෙය චීන මධ්‍යම රජයේ දෙපාර්තමේන්තු 11 කට සහ හොංකොං විශේෂ පරිපාලන කලාප රජයේ නිලධාරීන්ට එරෙහිව පැනවූ සම්බාධක පිළිබඳ ඇමරිකානු පාර්ශ්වය නිකුත් කළ නිවේදනයට දැක්වූ ස්ථිර ප්‍රතිචාරයකි. සමාන සංඛ්‍යාවක නිලධාරීන් පිරිසකට චීනය පැනවූ සම්බාධක ක්‍රියාමාර්ග සාධාරණ යුක්ති සහගත හා අවශ්‍ය ක්‍රියාමාර්ගයක් වන අතර, චීනය ඇමරිකාවේ තර්ජනයන්ට බිය නොවන බවත්, ජාතික ස්වෛරීභාවය දැඩිව තහවුරු කරන බවත් ඉන් පැහැදිලි සංඥාවක් ලබා දෙයි.

චීනයේ සම්බාධක ලැයිස්තුවට අයත් ඇමරිකානු කොන්ග්‍රස් සභිකයින් සහ ඇතැම් ඇමරිකානු රාජ්‍ය නොවන සංවිධානවල ප්‍රධානීන් දිගු කලක් පුරා හොංකොං විශේෂ පරිපාලනයේ කටයුතුවලට හිතාමතාම මැදිහත් වෙමින්, “එක් රටක්, ක්‍රම දෙකක්” විකෘති කිරීම සහ අපහාස කිරීම, රැඩිකල් ප්‍රචණ්ඩකාරී කොටස්වලට සහාය දීම සහ හොංකොං හි සමෘද්ධිය සහ ස්ථාවරත්වයට විවෘතව බාධා කිරීම්වල නිරත වුහ .

මෙවර ඇමරිකානු කොන්ග්‍රස් සභිකයින්ට සහ රාජ්‍ය නොවන සංවිධාන ප්‍රධානීන්ට එරෙහිව චීනය විසින් පනවා ඇති සම්බාධක මගින් පැහැදිලිවම පෙන්නුම් කරන්නේ චීනයේ ස්වෛරීභාවය, ආරක්ෂාව සහ සංවර්ධන අවශ්‍යතා සම්බන්ධ ප්‍රධාන කරුණු සම්බන්ධයෙන් චීනය සෑම අඟලක් සඳහාම සටන් කිරීමට බැඳී සිටින බවයි. වෙනත් පාර්ශ්වයන් ගේ අවශ්‍යතාවන්ට අනුව හානි සිදු කිරීමට චීනය ඉඩ දෙනු ඇතැයි කිසිවෙකු හෝ නොසිතිය යුතුය.

චීනය ප්‍රති-ක්‍රියාමාර්ග හඳුන්වාදීම ජාත්‍යන්තර සබඳතා ප්‍රජාතන්ත්‍රීයකරණය ආරක්ෂා කිරීම සඳහා වන සාධාරණ ක්‍රියාවක් බව සැලකිල්ලට ගත යුතුය. ජාතික ආරක්ෂාව ආරක්ෂා කිරීම සඳහා නීති සම්පාදනය කිරීම සියලු රටවල නීත්‍යානුකූල අයිතියකි.

ගුවන් විදුලිය
20240503සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන