ගින්දර සමඟ සෙල්ලම් කරන ඇමරිකානු දේශපාලනඥයෝ
2020-08-10 19:35:57
Share with:

ගින්දර සමඟ සෙල්ලම් කරන ඇමරිකානු දේශපාලනඥයෝ

"තායිවාන් කාඩ්" සෙල්ලම් කරන ඇමරිකානු දේශපාලනඥයෝ ගින්දර සමඟ සෙල්ලම් කරති!

ඇමරිකානු සෞඛ්‍ය හා මානව සේවා පිළිබඳ ලේකම් ඇලෙක්ස් ආසා ඊයේ (9 ) තායිවානයට පැමිණ තායිවාන පලාතේ නායකයින් හමුවිය. මෙය චීන ඇමරිකානු ඒකාබද්ධ ප්‍රකාශන තුන සහ එක් චීනය මූලධර්මය බරපතල ලෙස උල්ලංඝනය කිරීමකි. මැතිවරණයේ දේශපාලන අවශ්‍යතා සහ චීනයට බාධා‍ කිරීමේ සීතල යුද මානසිකත්වය මත පදනම්ව, ඇතැම් ඇමරිකානු දේශපාලනඥයෝ හිතාමතාම තායිවාන ප්‍රශ්නය හසුරුවමින් “තායිවානයේ ස්වාධීනත්වය” සඳහා වැරදි සංඥාව නිකුත් කරති. ඔවුහු ගින්දර සමග සෙල්ලම් කරන අතර ප්‍රවේශමෙන් තමන්ටම ගිනි තබා ගනිමින් සිටිති.

එක් චීනය මූලධර්මය යනු චීන ඇමරිකානු සබඳතාවල දේශපාලන පදනමයි. චීන ඇමරිකානු ඒකාබද්ධ ප්‍රකාශන තුනට අනුව, චීන මහජන සමූහාණ්ඩුවේ රජය චීනයේ එකම නීත්‍යනුකූල රජය බව ඇමරිකාව පිළිගනී. මෙම විෂය පථය තුළ ඇමරිකානු ජනතාවට තායිවාන ජනතාව සමඟ සංස්කෘතික, වාණිජ හා වෙනත් නිල නොවන සබඳතා පවත්වාගෙන යාම පමණක් සිදු කළ හැක. ඇමරිකාව සහ තායිවාන පලාත අතර නිල හුවමාරු සඳහා චීනය සෑම විටම දැඩි ලෙස විරුද්ධ වී තිබේ.

සෞඛ්‍ය කටයුතු භාර ඇමරිකානු ලේකම්වරයා ලෙස ආසා තායිවානයට ගියේ “වසංගත වැළැක්වීමේ සහයෝගීතාව”යන ධජය යටතේ ඔහුගේ සැබෑ අරමුණ වසං කිරීම සඳහා ය. එහෙත් ලෝකයේ බරපතලම වසංගත රට ලෙස ඇමරිකාව නිරන්තරයෙන් වෛරසය වැළැක්වීම සහ පාලනය කිරීමට අසමත් වී ඇති අතර දේශපාලනඥයින්ට මහජනතාව විසින් නැවත නැවතත් චෝදනා එල්ල කරනු ලැබේ.

මෙවර තායිවාන පලාතේ සංචාරය කිරීම වසංගත වැළැක්වීම පිළිබඳව සාකච්ඡා කිරීම සහ දේශපාලන කටයුතුවල නිරත වීමෙන් කවරක් ද යන්න බාහිර ලෝකයට ඉතා පැහැදිලිය. ඔහු උත්සාහ කරන්නේ ඇමරිකාව සහ තායිවාන පලාත අතර සම්බන්ධතාවය වැඩිදියුණු කිරීමට සහ තායිවානයේ බලධාරීන්ගේ “වසංගතයෙන් නිදහස ලබා ගැනීමේ” සැලැස්මට සහාය දැක්වීමට ය. ඒ අතරම, මැතිවරණ වර්ෂයේදී ඡන්ද දිනා ගැනීම පිළිබඳ යථාර්ථවාදී සලකා බැලීම ද ඔහුට ඇත.

තායිවාන පලාත පිළිබඳ ප්‍රශ්නය චීනයේ මූලික අවධානය ලක්වන්නක් වන අතර චීන ඇමරිකානු සබඳතාවල වැදගත්ම හා සංවේදී ම කාරණය ද වේ. චීනයේ මූලික අවශ්‍යතා උල්ලංඝනය කිරීම බිලියන 1.4 ක චීන ජනතාව විසින් අධිෂ්ඨන සහගතව ප්‍රතික්ෂේප කරනු ඇත!

ගුවන් විදුලිය
20240503සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන