රටේ අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් වීම නතර කරන ලෙස චීනය ඇමරිකාවෙන් යළි ඉල්ලයි
2020-08-09 15:38:59
Share with:

චීන රජයේ හොංකොංහි කටයුතු පිළිබඳ ආයතනවල ප්‍රධානීන්ට හා හොංකොං කලාපීය රජයේ බොහෝ නිලධාරීන්ට එරෙහිව සම්බාධක පණවන බව ඇමරිකානු මුදල් අමාත්‍යංශය පසුගියදා(7) ප්‍රකාශ කළේය. මෙය නිදහස යන නාමයෙන් චීනයේ අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් වීමට ඇමරිකාව ගත් තවත් උත්සාහයකි.

ඇත්ත වශයෙන් ම, ඇමරිකාව විසින් සම්බාධක පැණවීමේ නාමාවලියට ඇතුළත් කෙරුණු පුද්ගලයින් සිදු කර ඇත්තේ චීනයටත්, චීනයේ හොංකොං විශේෂ පරිපාලන කලාපයටත් සිය රාජකාරී යුතුකම් ඉටු කිරීම පමණය. ඒ, මිලියන 7.5ක හොංකොං වැසියන් ඇතුළු කෝටි 140ක චීන ජනතාවගේ ජීවිත හා යහපත මෙන්ම ජාතික ආරක්ෂාව සහතික කිරීමේ උතුම් වගකීම වෙනුවෙනි.

හොංකොංහි යහපත් අනාගතයක් දක්නට ලැබීම, ඇතැම් ඇමරිකානු දේශපාලනඥයින් අකමැති ය. ඔවුහු, හොංකොංහි ඇමරිකානු ව්‍යාපාර 1300ක සහ අසූපන් දහසක් වන ඇමරිකානුවන්ගේ ප්‍රතිලාභ නොතකා, හැකි සෑම විධියකින්ම චීනයේ සංවර්ධනය මර්දනය කිරීමට තැත් කරමින් සිටිති.

එහෙත්, ඇමරිකානු දේශපාලනඥයින්ගෙන් සුළු පිරිසක් සිදු කරන එම හානිදායක ක්‍රියා චීනයට නොසලකා සිටිය නොහැකිය. එම පිරිස හොංකොංහි කටයුතු ඇතුළු චීනයේ අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් වීම නතර නොකළහොත්, යුගයේ ප්‍රවණතාවන්ගෙන් ඔවුන් බැහැර කෙරෙනු ඇත...

ගුවන් විදුලිය
20240503සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන