ඉතිහාසයේ දුෂ්ටතම ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයාගෙන් තවත් සරදමක්
2020-08-07 19:28:25
Share with:

ඇමරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ පසුගිය 5 වැනිදා, ජාතික ආරක්ෂාව යන නාමයෙන් ‘පවිත්‍ර අන්තර් ජාලය’ නම් සැලැස්මක් එළිදැක්වීය. කළමනාකරණ ව්‍යාපාර, පරිගණක යෙදුම් වෙළඳසැල්, යෙදුම්, අන්තර් කේබල ජාල යනාදී ක්ෂේත්‍රවලින් චීන ව්‍යාපාරික බලපෑම් ඉවත් කිරීම එහි අරමුණය.

එහෙත් ගෝලීයකරණය වේගයෙන් වර්ධනය වෙමින් පවතින වර්තමානයේ, චීන තොරතුරු තාක්ෂණික ව්‍යාපාරවලට එරෙහි මයික් පොම්පියෝගේ කුමන්ත්‍රණ සාර්ථක නොවනු ඇතැයි පෙන්වා දිය යුතුය. චීනයේ තොරතුරු සංනිවේදන කර්මාන්තය ශීඝ්‍රයෙන් වර්ධනය වෙමින් පවතී. 5ජී තාක්ෂණ ක්ෂේත්‍රයේ චීනය ප්‍රමුඛ ස්ථානයේ පසු වෙයි. චීනය සතු සුවිශාල වෙළඳපොල, විවිධ රටවල තොරතුරු තාක්ෂණික කර්මාන්තවල සංවර්ධනය වෙනුවෙන් ඉමහත් අවකාශයක් හා පොදු ජයග්‍රහණ දිනා ගත හැකි විශාල වාණිජ අවස්ථා ද සලසා දී තිබේ.

ඇමරිකානු රජය, විදේශ ව්‍යාපාර මර්දනයට පියවර ගැනීම, සිය රටේම යහපත ගෝලීය වෙළඳපොලේ හා ජාත්‍යන්තර මූලධර්මයට නොතකා හැරීමේ ක්‍රියාවකි. එය ඇමරිකානු සේවාදායකයින් හා සමාගම්වල ප්‍රතිලාභ වලට ද අහිතකරය.

විවෘතභාවය හා එකිනෙකා අතර සහපැවැත්ම, නතර කළ නොහැකි ප්‍රවණතාවකි. ඉතිහාසයේ දුෂ්ටම ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයා වන මයික් පොම්පියෝගේ ඊනියා ‘පවිත්‍ර අන්තර් ජාලය’ සැලැස්ම ඔහු විසින් නිර්මාණය කරන ලද තවත් සරදමක් හා අපකීර්තියක් පමණකි.

ගුවන් විදුලිය
20240503සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන