ඇමරිකානු ආර්ථිකයේ පිරිහීමට හේතු වූ හාස්‍යජනක වසංගත පාලනය
2020-08-05 19:43:08
Share with:

නව කොරොනා වසංගතය හමුවේ, ඇමරිකාවේ ලොව විශාලතම ආර්ථිකය පවත්වා ගෙන යාමට, පෙඩරල් සංචිත පද්ධතිය උත්තේජන පියවර රැසක් යොදා ගත්තද, ඒවා ඇමරිකානු ආර්ථිකයේ පිරිහීම නතර කිරීමට අසමත්ය. ඇමරිකානු ඩොලර් දර්ශකයේ වසර 10ක් තුළ කැපී පෙනෙන පහළ යාමක් ජූලි මාසයේ දී පෙන්නුම් කෙරිණ. මාර්තු මාසයේ සිට මේ දක්වා රැකියා විරහිත ජනගහණය මිලියන 51 ඉක්මවා ගොස් ඇත. දෙවන කාර්තුවේ ඇමරිකාවේ දළ දේශීය නිෂ්පාදන වටිනාකම සියයට 32.9කින් අඩු විය. වසර 1947න් පසු වාර්තා වූ විශාලතම පහළ යාම එයය...

මේ සියල්ලට හේතුව වසංගතය පමණක් ද?

වත්මන් ඇමරිකානු රජය වසංගතයට මුහුණ දීමේ දී සිදු කළ බරපතල ම හා හාස්‍යජනකම වරද, වෛරසය දේශපාලන සාධකයක් ලෙස සැලකීම මිස, විද්‍යාත්මක සංකල්පයකින් ඊට ප්‍රතිචාර නොදැක්වීම බව පෙන්වා දිය යුතුය.

වසංගතය මතු වූ මුල් කාලයේ, එහි බරපතලකම අවම ලෙස විස්තර කෙරිණ. විශේෂඥයින්ගේ යෝජනා හා අනතුරු ඇඟවීම් මඟ හැරිණ. වසංගතය තවමත් පාලනයට ලක් නොකිරීම මත නිෂ්පාදන හා ව්‍යාපාරික කටයුතු ආරම්භ කෙරිණ. බොහෝ දුරට වසංගත පාලනයට වඩා සෙසු රටවලට වගකීම් පැවරීමට වැඩි සැලකිල්ලක් දැක්විණ.

බ්‍රිතාන්‍යයේ The Guardian පුවත්පතෙන් 3 වනදා පළ වූ ලිපියකට අනුව, මාස පහක් පුරා ඇමරිකානු නායකයින් වසංගතය පිළිබඳව බොරු කීම, එරටේ වසංගත පාලනය අසමත් වීමට හා ආර්ථිකය පහළ යාමට ප්‍රධානම හේතුවයි.

ගුවන් විදුලිය
20240503සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන