චීන ආර්ථිකයට හිතකර දෙස් විදෙස් ද්විත්ව චක්‍රීය වර්ධන රටාව
2020-08-03 19:18:01
Share with:

වසංගතය හේතුවෙන් චීනය මුහුණු පා ඇති බොහෝ ගැටළු, මැද හා දිගු කාලීන ඒවා බව මෑතකදී පැවති චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශයේ රැස්වීමක් අවධාරණය කළේය. තිරසර වර්ධන තත්ත්වයක සිට, දේශීය විදේශීය ද්විත්ව චක්‍රීය වර්ධනය පිළිබඳ නව සමස්තයක් බිහි කළ යුතු බව ද එහිදී පෙන්වා දී තිබේ. ද්විත්ව චක්‍රීය වර්ධන රටාව මේ දිනවල චීනයේ උණුසුම් මාතෘකාවක් වී ඇත.

ද්විත්ව චක්‍රීය වර්ධන රටාව මගින් ප්‍රමුඛත්වය දිය යුත්තේ දේශීය චක්‍රයට බව පෙන්වා දී තිබේ. අභ්‍යන්තර අවශ්‍යතාව පුළුල් කිරීම මෙහි වැදගත් කොටසකි. වෙළඳ ආරක්ෂණවාදය යළිත් බිහි වීම, ලෝක ආර්ථිකය පහල තත්ත්වයක පැවතීම, ගෝලීය වෙළඳපොල හැකිලීම වැනි වත්මන් තත්ත්වය යටතේ බාහිර වෙළඳපොල මත යැපුණහොත්, බලපෑම හා පහරට ලක් විය හැකිය. චීනය දේශීය චක්‍රයට මුල් තැන දීම බාහිර අවදානම් හා අභියෝගවලින් ඔරොත්තු දීමට හිතකරය.

දේශීය චක්‍රය වඩාත් වැදගත් ස්ථානයක තබා ගෙන ඇත්තේ, අභ්‍යන්තර අවශ්‍යතාවන්හි සැඟවුණු හැකියාවන් ගවේෂණය කරමින් දේශීය හා විදේශීය වෙළෙඳපොල ක්‍රමවත් ලෙස උපයෝගි කිරීම සඳහාය. එය සංවෘත සංවර්ධන ආකල්පයක් ලෙස නොසැලකිය යුතුය.

කෙසේ වුවද දෙස් විදෙස් ද්විත්ව චක්‍රීය වර්ධන රටාව මගින්, චීනයේ විවෘත ආර්ථිකයේ වඩාත් ඉහල ගුණාත්මක සංවර්ධනයට උපකාරී වන අතර, ගෝලීය කර්මාන්ත දාමයේ ස්ථාවරත්වයට ද වාසි ගෙන දෙයි.

ගුවන් විදුලිය
20240503සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන