හොංකොං විශේෂ පරිපාලන කලාපයේ 7වන ව්‍යවස්ථාදායක සභා මැතිවරණය කල් දැමේ
2020-08-01 19:30:45
Share with:

හොංකොං විශේෂ පරිපාලන කලාපයේ 7වන ව්‍යවස්ථාදායක සභා මැතිවරණය කල් දැමේ

හොංකොං විශේෂ පරිපාලන කලාපයේ 7වන ව්‍යවස්ථාදායක සභා මැතිවරණය කල් දමන බව හොංකොං විශේෂ පරිපාලන කලාපයේ ප්‍රධාන විධායක කැරී ලැම් මහත්මිය ජූලි 31 වන දින ප්‍රකාශ කළා ය. පවතින බරපතල කොරොනා තත්ත්වය ඊට හේතු වී තිබේ. ගෙවී ගිය මාසයේ හොංකොංහි දෙවන කොරොනා වසංගත රැල්ල හටගෙන නගරය පුරා පැතිර ගොස් ඇත. පවතින බරපතල වසංගත තත්ත්වය කඩිනමින් මැඩලීම හොංකොං විශේෂ පරිපාලන කලාප රජයේ වැදගත් ම හා හදිසි ම කාර්යය බවට පත්ව තිබේ. මැතිවරණය සඳහා හොංකොං විපක්ෂය පැවැත්වූ නීතිවිරෝධි උද්ඝෝෂණ මාලාවක් හොංකොං හි වර්තමාන වසංගතයේ හදිසි වැඩිවීම සමග සෘජුවම සම්බන්ධ වන බව විවිධ කරුණු හා සාක්ෂිවලින් පෙන්නුම් කෙරිණ. උදාහරණයක් වශයෙන් පසුගිය ජූලි මස 11 හා 12 යන දෙදින තුළ හොංකොං විපක්ෂය ඊනියා“ප්‍රාථමික මැතිවරණය”පැවැත්වීමේදී හොංකොං හි බොහෝ කො‍රොනා ආසාදිතයන් තහවුරු විය. එහෙත් ඔවුහු හොංකොංවැසියන්ගේ ජීවිතාරක්ෂාව නොව තමන්ගේ දේශපාලන වාසි පිළිබඳව පමණක් සිතා නගරය පුරා ඡන්ද පොල 250ක් පමණ ස්ථාපිත කර එම “ප්‍රාථමික මැතිවරණය”පැවැත්වූහ. එයින් ඇති වූ පොකුරු ආසාදනයන් හොංකොංහි කොරොනා වසංගත තත්ත්වය තවදුරටත් උග්‍ර අතට හරවා ඇත.

විපක්ෂයේ එවන් ක්‍රියාමාර්ග හොංකොං සමාජයේ පුළුල් විවේචනයට ලක් වී තිබේ. වසංගතය ඵලදායී ලෙස පාලනය කිරීමෙන් පසු ව්‍යවස්ථාදායක සභා මැතිවරණය පැවැත්වීම සුදුසු යැයි හොංකොංවැසියන්ගේ පොදු අදහසයි. හොංකොං විශේෂ පරිපාලන කලාප රජය ව්‍යවස්ථාදායක සභා මැතිවරණය කල් දැමීමට තීරණය කළේ පවතින වසංගත තත්ත්තය හා ජනතාවගේ එම අදහස සලකා බලා ය. එම තීරණය හොංකොං විශේෂ පරිපාලන කලාප රජයේ ආයතනවල සාමාන්‍ය ක්‍රියාකාරිත්වයට බල නොපානු ඇත. හොංකොංවැසියන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් සහ නිදහසට ද එය බල නොපානු ඇත.

ගුවන් විදුලිය
20240503සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන