චීන මහජන විමුක්ති හමුදාව ස්ථාපිත කිරීමේ 93වැනි සංවත්සරය අදයි
2020-08-01 19:34:50
Share with:

චීන මහජන විමුක්ති හමුදාව ස්ථාපිත කිරීමේ 93වැනි සංවත්සරය අදයි

චීන මහජන විමුක්ති හමුදාව ස්ථාපිත කිරීමේ 93වැනි සංවත්සරය අදට යෙදේ. චීන සිවිල් අරගල කාලයේ බිහි වූ චීන මහජන විමුක්ති හමුදාව මුල සිට ම ජනතාවට සේවය කිරීම සිය මූලික කාර්යය වශයෙන් සලකා ඇත.ගෙවී ගිය වසර 93 තුළ චීන කොමියුනිස්ට් පක්ෂයේ නායකත්වය යටතේ චීන මහජන විමුක්ති හමුදාව ජාතික නිදහස හා චීන මහජන සමූහාණ්ඩුව පිහිටුවීම වෙනුවෙන් පමණක් නොව රටේ ස්වාධිපත්‍යය, ආරක්ෂාව හා සංවර්ධනය මෙන් ම ලෝක සාමය හා ස්ථාවරත්වය වෙනුවෙන් ද අප්‍රමාණ මෙහෙවර ඉටු කර තිබේ.

චීනයේ සිදු වූ ඕනෑ ම ආකාරයක අර්බුද හෝ දුෂ්කරතාවන්ට මුහුණ දුන් සෑම අවස්ථාවකදී පෙනී සිටින්නේ නිර්භීත චීන මහජන විමුක්ති හමුදාව ය. මේ වසර මුලදී කොරොනා වසංගතය මතු වීමෙන් පසු චීන හමුදා වහාම බරපතල ම තත්ත්වයන් පැවති වු හාන් නගරයට ගියහ. වසංගතය සාර්ථක ව මැඩලීමෙන් පසු දකුණු චීනයේ ඇති වූ ගං වතුර විපතින් ජනතාවගේ ජීවිත හා දේපළ ආරක්ෂා කිරීමට චීන හමුදා භටයෝ ක්‍රියාශීලි වූහ.

චීනයේ දේශභූමි අඛණ්ඩතාව හා ජනතා අයිතීන් සුරැකීම පමණක් නොව ලෝක සාමය ආරක්ෂා කිරීම ද චීන මහජන විමුක්ති හමු‍දාවේ කාර්යභාරයයි. චීන මහජන සමූහාණ්ඩුව පිහිටුවා ගත වූ වසර 71 තුළ චීන හමුදා කිසිවිටක සන්නද්ධ ගැටුමක් හෝ යුද්ධයක් ආරම්භ කිරීමට ඉදිරිපත් වී නොමැත. කිසිදු රටකට ආක්‍රමණය කර නොමැත. මේ වසර එක්සත් ජාතීන්ගේ සාම සාධක මෙහෙයුම් සඳහා චීනයේ සහභාගීත්වයේ 30වන සංවත්සරය සනිටුහන් කරයි. මේ වන විට එක්සත් ජාතීන්ගේ සාම සාධක මෙහෙයුම් වෙනුවෙන් චීනය සාම සාධක භටයන් 40,000 කට වැඩි පිරිසක් පිටත් කර යවා තිබේ. ජාත්‍යන්තර මානුෂීය සහන ඇතුළු ක්ෂේත්‍රවල චීන හමුදා ඉතා වැදගත් කාර්යභාරයක් ද ඉටු කර තිබේ.

ගුවන් විදුලිය
20240503සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන