චීන ව්‍යවසායන් ඇමරිකාවේ ජාතික ආරක්ෂාවට තර්ජනයක් යැයි Mike Pompeo ගේ චෝදනා සත්‍යය පදනම් නොවූ බව යළි යළිත් හෙළි‍ වෙයි
2020-07-31 20:04:45
Share with:

චීන ව්‍යවසායන් ඇමරිකාවේ ජාතික ආරක්ෂාවට තර්ජනයක් යැයි Mike Pompeo ගේ චෝදනා සත්‍යය පදනම් නොවූ බව යළි යළිත් හෙළි‍ වෙයි

පසුගිය දා ඇමරිකානු රාජ්‍ය ‍ලේකම් Mike Pompeo California ජනපදයේ Nixon පුස්තකාලයේ හා කෞතුකාගාරයේ දී දේශනයක් පවත්වමින් හුවා වෙයි සමාගම ඇතුළු චීන ව්‍යවසායන්ට චෝදනා කළේ ය. චීන ව්‍යවසායන් ඇමරිකාවේ ජාතික ආරක්ෂාවට තර්ජනය වී ඇතැයි ඔහු එහිදී කියා සිටි‍යේ ය. එහෙත් චීනයේ හුවා වෙයි සමාගම පිළිබද සැලකීමේදී Mike Pompeo ගේ එම චෝදනා සත්‍යය පදනම් නොවූ බව හෙළිදරව් වේ.

‍ගෙවී ගිය වසර 30 තුළ හුවා වෙයි සමාගම රටවල් හා ප්‍රදේශ 170කට වැඩි සංඛ්‍යාවක් වෙනුවෙන් විදුලි සන්නිවේදන ජාල 1500ක් පමණ ස්ථාපිත කර ඇති අතර, ලොව ප්‍රධාන ව්‍යවසායන් 228ක් සහ බිලියන 3ක ජනගහණයක් වෙනුවෙන් සේවා ලබා දී තිබේ. මේ වන විට ‍හුවා වෙයි සමාගම ලබා දුන් එම සේවා තුළ ආරක්ෂාවට තර්ජනය වූ කිසිදු සිද්ධියක් වත් සිදු වී නොමැත. පසුගිය 29වැනි දා ඇමරිකානු කොංග්‍රස් මණ්ඩලයේ පැවති පරීක්ෂණයක දී Apple, Google සහ Amazon යන ප්‍රමුඛ තාක්‍ෂණ සමාගම් තුනේ ප්‍රධාන විධායක නිලධාරීන්ගෙන් ප්‍රශ්න කෙරිණ. චීනය ඇමරිකානු ව්‍යවසායන්ගෙන් තාක්ෂණ ‍සොරකම් කළේ දැයි ප්‍රශ්න කිරීමේදී එහි සිටි එම නිලධාරීන් තුන් දෙනා ඒකමතික ව පිළිතුරු දුන්නේ “සාක්ෂියක් නැහැ”යනුවෙනි. එම පිළිතුරු ඇමරිකා රාජ්‍ය ‍ලේකම්වරයා කළ බොරු චෝදනාවන් පැහැදිලි ව හෙළි කිරීමකි.

චීනය යනු අධ්‍යාපනය, ජාත්‍යන්තර වෙළඳාම, යටිතල පහසුකම් ආයෝජනය සහ තාක්‍ෂණික ප්‍රගතිය තුළින් සිය පුරවැසියන්ගේ ජීවන තත්ත්වය නංවාලීමට උත්සාහ දරන රටකි. චීනය ඇමරිකාවේ සතුරෙකු නොවන බව ඇමරිකා‍වේ බොහෝ උගතුන් පවසා ඇත. ඇමරිකානුවන් ඔවුන්ගේම නරකම සතුරා යැයි ඔවුන් පෙන්වා දී තිබේ.

ගුවන් විදුලිය
20240503සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන