වියපත් ජීවිතවලට අලුත් ජීවයක්
2020-07-31 15:23:19
Share with:

වියපත් අයට ගරු කරමින් ඔවුන් රැක බලාගැනීම චීන සාම්ප්‍රදායික සිරිතක්.78 හැවිරිදි Fang Chuanfu චීනයේ Jiangsu පළාතේ නන්ජිං නගරයේ පිහිටි Guli උප නගරයේ ගම්වැසියෙක්.ගතවූ වසර 7ක කාලය තුළ ඔහු එම උප නගරයේ ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ නිවාසයේ ජීවත් වෙනවා.දරුවන් නොමැති ඔහු වයෝවෘද්ධ වීමත් සමග අදායම් අහිමිව සිටිනවා. 2013 වසරේ ප්‍රාදේශීය රජයේ සහය ඇතිව ඔහු ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ නිවාසයක ලියාපදිංචි වුණා.එහෙත් ඒ කාලයේ එහි පහසුකම් අඩු නිසා දෛනික ආහාර පාන විතරයි ලබා දුන්නේ.පසුගිය වසරේ සමාජයෙන් මුදල් ආයෝජනය කිරීමෙන් පසු එම නිවාස අලුත්වැඩියා කෙරුණා.විවිධ පහසුකම් එක් කිරීමත් සමග එහි සේවකයන් සංඛ්‍යාව වැඩි වී තිබෙනවා.එමෙන්ම,එහි ජීවත්වෙන ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ ජීවිතය දිනෙන් දින පොහොසත් වෙමින් පවතිනවා.Fang Chuanfu වගේ ජ්‍යෙෂ්ඨ පුරවැසියෙකුට මාසයකට චීන යුආන් 500ක පමණ දිමනාවක් ලබා ගත හැකි වූණා.

ඒ විතරක් නොවේ ඔවුන්ගේ සංස්කෘතික ජීවිතය පෙරට වඩා හොඳට සැලසුම් කර තිබෙනවා.හැමදාම,චිත්‍රපට නැරඹීම,චිත්‍ර ඇඳීම මෙන්ම චෙස් වැනි ක්‍රීඩා ඉසව් වලට සහභාගිවීමට ඔවුන් පුරුදු වෙලා තියෙනවා.එම ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ නිවාස තමන්ගේ සැබෑ ගෙදර ලෙසට සලකන බව Fang Chuanfu පැවසුවා.

Jiangsu පළාතේ දැනට ජ්‍යෙෂ්ඨ පුරවැසියන් මිලියන 18 ක් පමණ ඉන්නවා.එය සමස්ත ජනගහනයෙන් සියයට 23ක්.එම පළාතේ ග්‍රාමීය ප්‍රදේශ වල පිහිටි ජ්‍යෙෂ්ඨ පුරවැසියන් රැක බලා ගන්නා නිවාසයන්හි අලුත්වැඩියා කටයුතු දැනට සිදු කරමින් පවතිනවා.වසර 3 ක කාලයක් තුළ එම වැඩකටයුතු සම්පූර්ණයෙන් අවසන් වීමට අපේක්ෂා කෙරෙනවා. ඉදිරියේදී ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට ඉහළ ගුණාත්මකභාවයෙන් යුතු සේවා ලබා ගන්න පුළුවන්.ඔවුන්ට පෙරට වඩා ප්‍රීතිමත් ජීවිතයක් උදා වනු ඇතැයි විශ්වාස කෙරෙනවා.

වියපත් ජීවිතවලට අලුත් ජීවයක්

වියපත් ජීවිතවලට අලුත් ජීවයක්

වියපත් ජීවිතවලට අලුත් ජීවයක්

වියපත් ජීවිතවලට අලුත් ජීවයක්


ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන