ඇමරිකානු ව්‍යවසායන් බලහත්කාරයෙන් චීනයෙන් විසන්දි කිරීමට කල්පනා කිරීම Mike Pompeo ගේ සිහි විකල් අදහසකි
2020-07-30 20:08:33
Share with:

ඇමරිකානු ව්‍යවසායන් බලහත්කාරයෙන් චීනයෙන් විසන්දි කිරීමට කල්පනා කිරීම Mike Pompeo ගේ සිහි විකල් අදහසකි

ඇමරිකා රාජ්‍ය ලේකම් Mike Pompeo මෑතකදී කැලිෆෝනියාවේ නික්සන් පුස්තකාලයේ හා කෞතුකාගාරයේ දේශනයක් සිදු කළේය. චීනයේ ඇමරිකානු ව්‍යවසායන් බලහත්කාරයෙන් හෙළා දකිමින් ඔහු කියා සිටියේ, චීනය සමඟ ව්‍යාපාර කරන ඇමරිකානු ව්‍යවසායන් “චීනයේ පාලක පක්ෂයට අනුග්‍රහය දක්වන අතර එහි ප්‍රතිඵලයක් ලෙස “චීනයේ කොල්ලකෑම‍ට”ඇමරිකාව ලක් වන බවයි. ඇත්ත වශයෙන්ම, "නිදහස් තරඟකාරිත්වය" ගැන කතා කරන Mike Pompeo ලා ඇමරිකානු ව්‍යවසායන්හි සාමාන්‍ය ව්‍යාපාරික තීරණවලට බාධා කරන සහ ඔවුන්ගේ නිදහස් සංවර්ධනයට බාධා කරන දේශපාලනඥයන් ය. ඔවුන් වෙළඳපොල ආර්ථිකයේ නීතියෙන් බැහැර වී චීන ඇමරිකා ආර්ථික හා වෙළඳාමේ අන්‍යෝන්‍ය ප්‍රතිලාභ සහ ජයග්‍රාහී ස්වභාවය නොසලකා හැර ඇත. කටකතා ඇවිස්සීමට Mike Pompeo උපරිම උත්සාහයක් ගත් අතර, චීන ඇමරිකා ආර්ථිකයේ "විසංයෝජනය" සිදු කිරීමට සහ එය ප්‍රවර්ධනය කිරීමට ඇමරිකානු ව්‍යවසායන්ට බල කිරීමට උත්සාහ කළේය.

ඇමරිකානු ව්‍යවසායන් චීනය සමඟ ව්‍යාපාර කිරීමට කැමත්තක් දක්වන්නේ ඇයි? චීනය සහ ඇමරිකාව අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා පිහිටුවා ගෙවුණු වසර 40 තුළ අන්‍යෝන්‍ය ප්‍රතිලාභ සහ ජයග්‍රාහී ප්‍රතිඵල සැමවිටම ද්විපාර්ශ්වික ආර්ථික හා වෙළඳ හුවමාරුවල සාරය වී තිබීම ඊට හේතු වී තිබේ. මෑත වසරවලදී, චීනයේ ඇමරිකා අරමුදල් සපයන ව්‍යාපාරවල වාර්ෂික අලෙවි ආදායම ඇමරිකානු ඩොලර් බිලියන 700 ක් තරම් ඉහළ අගයක් ගන්නා අතර ලාභය ඇමරිකානු ඩොලර් බිලියන 50 කට වඩා වැඩිය. ඒ අතරම, උසස් තත්ත්වයේ සහ අඩු වියදම් සහිත චීන භාණ්ඩ ඇමරිකාවේ පවුල් ලක්ෂ ගණනකට ඇතුළු වී ඇති අතර එය පාරිභෝගිකයින්ගේ යහපැවැත්ම වැඩි කරයි. ඇමරිකානු ව්‍යවසායන් චීන වෙළඳපොළෙන් විශාල ලාභයක් ලබා ඇති අතර ඇමරිකානු ජනතාව ද විශාල ප්‍රතිලාභ ලබා ඇති බව පැවසිය හැකිය. චීනය පිළිබඳ සුප්‍රසිද්ධ ජර්මානු විශේෂඥයෙකු වන Frank Sieren පෙන්වා දුන්නේ කිසිදු ඇමරිකානු සමාගමක් චීන වෙළඳපොළ සහ බිලියන 1.4 ක අනාගත ගනුදෙනුකරුවන් අතහැර දැමීමට අකමැති බවයි.

ඇමරිකානු දේශපාලනඥයන් සැලකිලිමත් වන්නේ තමන්ගේම දේශපාලන ආත්මාර්ථකාමීත්වය පිළිබද පමණි. එය ඇමරිකානු ව්‍යවසායන්ගේ සංවර්ධනයට හා වාණිජමය අවශ්‍යතාවන්ට පමුණුවන්නේ හානි පමණි.

ගුවන් විදුලිය
20240503සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන