චීනයට ඇමරිකාවේ බුද්ධිමය දේපළ අයිතීන් සොරකම් කිරීමේ කිසිඳු අවශ්‍යතාවක් නොමැත!
2020-07-29 20:39:59
Share with:

චීනයට ඇමරිකාවේ බුද්ධිමය දේපළ අයිතීන් සොරකම් කිරීමේ කිසිඳු අවශ්‍යතාවක් නොමැත!

පසුගිය දා ඇමරිකානු රාජ්‍ය ‍ලේකම් Mike Pompeo ප්‍රමුඛ දේශපාලනඥයන් විවිධ අවස්ථාවලදී චීනයට එරෙහිව දේශන පවත්වා ඇත. චීනය ඇමරිකාවේ බුද්ධිමය දේපළ අයිතීන් උල්ලංඝනය කළ බවට ‍කිසිදු සාක්ෂි නොමැතිව ඔවුන් සිය දේශනවලින් චෝදනා නගා තිබේ. ඇමරිකාවේ වැඩිදුර අධ්‍යාපනය ලබන සිසුන් හා සේවය කරන්නන් පවා ඔවුන්ගේ චෝදනාවලට ලක් විය. පසුගිය දා ඇමරිකානු රජය Houston නගරයේ චීන කොන්සල් කාර්යාලය වසා දැමීමට පියවර ගෙන ඇත්තේ Mike Pompeo ලාගේ මතයන් උපුටා දක්වමිනි.

චීනය ඇමරිකාවේ බුද්ධිමය දේපළ අයිතීන් උල්ලංඝනය කළ බව මීට පෙර ඇමරිකාව බොහෝ වර ප්‍රකාශ කර තිබුණේ සිය ආර්ථික වාසිය වෙනුවෙනි. දැන් එම ප්‍රකාශය ඇමරිකාව විසින් යළි කරනු ලැබුවේ සිය දේශපාලන අරමුණු සඳහා යැයි විශේෂයෙන් සඳහන් කළ යුතු ය. චීනයට එරෙහිව විවිධ චෝදනා කර ඇතත් මෙතෙක් ඊට අදාළ කිසිදු සාක්ෂියක් ඉදිරිපත් කිරීමට ඇමරිකානු රජයට නොහැකි ව සිටී. එබැවින් එම ක්‍රියාකලාපය ඇමරිකාවේ විවිධ ක්ෂේත්‍රවල පුද්ගලයන්ගේ සැකයට හා විවේචනයට පාත්‍ර වී ඇත. Houston නගරයේ චීන කොන්සල් කාර්යාලය හදිසියෙන් වසා දැමීමෙන් පසු ඇමරිකාවේ බොහෝ මාධ්‍ය ආයතන අදහස් දක්වමින් පවසා තිබෙන්නේ චීන කොන්සල් කාර්යාලය වසා දැමීමට හේතුව සැක සහිත බවයි. ඇමරිකානු රජය එසේ කටයුතු කළේ චීනය ඇමරිකාවේ බුද්ධිමය දේපළ අයිතීන් සොරකම් කිරීම නිසා නොව, අසාර්ථක කොරොනා වසංගත පාලනය වසන් කිරීම හා එළඹෙන ජනපතිවරණයේ දී යම් ඡන්ද වාසි ලබා ගැනීම සඳහා යැයි ඇමරිකානු මාධ්‍ය කියා සිටී.

වර්තමානයේ චීනය ගෝලීය නවෝත්පාදන හා බුද්ධිමය දේපළ පිළිබඳ බලවතෙක් බවට පත් වී තිබේ. ලෝකයේ බුද්ධිමය දේපළ සංවර්ධනය කිරීමේ ප්‍රධාන ගාමක බලවේගයක් වන්නේ චීනයයි. චීනයට ඇමරිකාවේ බුද්ධිමය දේපළ අයිතීන් හොරකම් කිරීමේ උවමනාවක් තිබේ දැයි Mike Pompeo ලාගෙන් ඇසීමට කැමැත්තෙමු.‍‍

ගුවන් විදුලිය
20240503සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන