ජාත්‍යන්තර සහයෝගීතාව සඳහා නව කාර්යසාධනයක් සහිත ආයතනයක් ලෙසින් ඉදිරියට යන ආසියා යටිතල පහසුකම් ආයෝජන බැංකුව
2020-07-29 20:43:04
Share with:

ජාත්‍යන්තර සහයෝගීතාව සඳහා නව කාර්යසාධනයක් සහිත ආයතනයක් ලෙසින් ඉදිරියට යන ආසියා යටිතල පහසුකම් ආයෝජන බැංකුව

“ ආසියා යටිතල පහසුකම් ආයෝජන බැංකුව සියලු සාමාජිකයින්ගේ සංවර්ධනය ප්‍රවර්ධනය කරමින් මානව වර්ගයා සඳහා හවුල් අනාගතයක් සහිත ප්‍රජාවක් ගොඩනැගීමට පහසුකම් සපයන නව වේදිකාවක් බවට පත් කළ යුතුයි.”යනුවෙන් චීන ජනාධිපති ෂී ජින් පිං මහතා ඊයේ (28) පැවති ආසියානු යටිතල පහසුකම් ආයෝජන බැංකුවේ 5වන වාර්ෂික රැස්වීමේ සමාරම්භක උත්සවය අමතමින් පැවසීය. ගත වූ වසර 4 තුළ ආරම්භක සාමාජික රටවල් 57 කගෙන් පිහිටවූ ආසියා යටිතල පහසුකම් ආයෝජන බැංකුව වර්තමානයේ දී ආසියාව, යුරෝපය, අප්‍රිකාව, උතුරු ඇමරිකාව, දකුණු ඇමරිකාව සහ ඕෂනියා යන මහාද්වීප හය පුරා විසිරී සිටින 102 දෙදෙනෙකුගෙන් සමන්විත සාමාජිකත්වයක් දක්වා වර්ධනය වී ඇත. මේ වන විට ශ්‍රී ලංකාව ඇතුළු සාමාජික රටවලට ඇමරිකානු ඩොලර් බිලියන 20 කට ආසන්න යටිතල පහසුකම් ආයෝජන ලබා දීමට ආසියා යටිතල පහසුකම් ආයෝජන බැංකුව ක්‍රියා කර තිබේ.

කොරොනා වසංගතය මතු වීමෙන් පසු ආසියා යටිතල පහසුකම් ආයෝජන බැංකුව වහාම “COVID-19 අර්බුද ප්‍රතිසාධන අරමුදල”ස්ථාපිත කළේ ය. එහි සමස්ත වටිනාකම ඇමරිකානු ඩොලර් බිලියන 10කි. සාමාජිකයන්ට අයවැය සහය සහ ද්‍රවශීලතා සහය ලබා දීම වෙනුවෙන් ස්ථාපිත කළ එම අරමුදල පසුව ඇමරිකානු ඩොලර් බිලියන 13 දක්වා වැඩි කර තිබේ. මෙම හදිසි මූල්‍යකරණය ගෝලීය මහජන සෞඛ්‍ය අර්බුදයට ප්‍රතිචාර දැක්වීමේදී බහුපාර්ශ්වික සංවර්ධන බැංකුවක් ලෙස ආසියා යටිතල පහසුකම් ආයෝජන බැංකුවේ නම්‍යශීලී බව සහ කාර්යක්ෂමතාව පිළිබිඹු කරයි. අන්‍යෝන්‍ය සහයෝගිතාව සහ එකමුතුභාවය මගින් පමණක් අර්බුද ජය ගත හැකි බව ද ඉන් ඔප්පු වී තිබේ.

ජාත්‍යන්තර සහයෝගීතාව සඳහා නව කාර්යසාධනයක් සහිත ආයතනයක් සහ බහුපාර්ශ්වික නව ආදර්ශයක් ලෙසට ආසියා යටිතල පහසුකම් ආයෝජන බැංකුව ක්‍රියා කළ යුතු බව ද චීන ජනාධිපතිවරයා සිය දේශනයේදී ‍සඳහන් කළේ ය. එය කාලයත් සමග ඉදිරියට යන නව ආකාරයේ සංවර්ධන වේදිකාවක් බවට පත් වනවාට සැකයක් නැත.

ගුවන් විදුලිය
20240503සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන