ඇමරිකානු රාජ්‍ය ‍ලේකම්වරයාට චීනය පිළිබඳ කිසිදු අවබෝධයක් නැති බව ඇමරිකානු රාජ්‍ය තාන්ත්‍රික සංගමයේ සභාපතිවරයා පවසයි
2020-07-28 19:50:11
Share with:

ඇමරිකානු රාජ්‍ය ‍ලේකම්වරයාට චීනය පිළිබඳ කිසිදු අවබෝධයක් නැති බව ඇමරිකානු රාජ්‍ය තාන්ත්‍රික සංගමයේ සභාපතිවරයා පවසයි

පසුගිය දා ඇමරිකානු රාජ්‍ය ‍ලේකම් Mike Pompeo California ජනපදයේ Nixon පුස්තකාලයේ හා කෞතුකාගාරයේ දී දේශනයක් පැවැත්වීය. ඔහු එහිදී චීනයේ පාලක කොමියුනිස්ට් පක්ෂයට දැඩි ලෙස පහර දුන් අතර හිතා මතාම චීන ජනතාව පැසසුමට ලක් කළේ ය. Mike Pompeo එසේ අදහස් පළ කළේ චීනයේ අභ්‍යන්තර ගැටුම් ඇති කිරීමේ චේතනාවෙන් බව විචාරක මතය වේ. ඇමරිකානු රාජ්‍ය ‍ලේකම්වරයාට චීනය පිළිබඳ කිසිදු අවබෝධයක් නැති බව ඔහුගේ එම දේශනයෙන් මැනවින් පිළිබිඹු වූ බව ඇමරිකානු රාජ්‍ය තාන්ත්‍රික සංගමයේ සභාපති Richard Haass මහතා පෙන්වා දී තිබේ. මෑතදී ලෝප්‍රකට මහජන සබඳතා උපදේශක සමාගමක් වන Edelman සමාගම නිකුත් කළ වාර්තාවකින් Richard Haass මහතාගේ මතය තවත් ඔප්පු වී ඇත. එම වාර්තාව අනුව චීන ජනතාවගෙන් 95%ක් චීන රජය කෙරෙහි විශ්වාසය තබා සිටිති. එමෙන් ම වසර 3ක් පුරා චීන රජයට චීන ජනතාවගෙන් ලැබුණු එම විශ්වාසය සියලු රටවල් අතරින් ප්‍රථම ස්ථානය ගන්නා බව Edelman සමාගම නිකුත් කළ එම වාර්තාවෙන් හෙළි වේ.

චීනයේ පාලක කොමියුනිස්ට් පක්ෂය බිහි වූ දා සිට මේ දක්වා ජනතාවගේ යහපත වෙනුවෙන් හැරෙන්නට වෙනත් වාසි වෙනුවෙන් කටයුතු කර නොමැති බව විවිධ කාල වකවානු තුළ ඔප්පු වී ඇත.චීන මහජන සමූහාණ්ඩුව පිහිටුවා ගත වූ වසර 70 තුළ චීන කොමියුනිස්ට් පක්ෂයේ නායකත්වය යටතේ චීන ජනතාව රට සංවර්ධනය කිරීමේ ක්‍රියාදාමය තව තවත් ඉදිරියට ගෙන යාමට සමත් වී තිබේ. අනපේක්ෂිත ව මතු වූ කොරොනා වසංගතය හමුවේ චීන රජය පෙර සේ ම ජනතාවගේ ජීවිතාරක්ෂාවට මුල් තැන දෙමින් ඉහළ කාර්යක්ෂමතාවයෙන් යුතුව වසංගතය සාර්ථක ව මැඩපවත්වා ඇත. චීන ‍කොමියුනිස්ට් පක්ෂය හා චීන ජනතාව අතර ඇත්තේ ගැඹුරු බැඳීමකි. Mike Pompeoලා කෙතරම් කට කතා පළ කළ ද ‍මෙම බැඳීම අනාගතයේදීත් තව තවත් ශක්තිමත් ව පවතිනු ඇත.

ගුවන් විදුලිය
20240503සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන