සීතල යුද හැඟීම් අවුස්සන ඇමරිකානු රාජ්‍ය ලේකම් Mike Pompeo ලෝක සාමයට බරපතල තර්ජනයකි
2020-07-27 15:37:30
Share with:

සීතල යුද හැඟීම් අවුස්සන ඇමරිකානු රාජ්‍ය ලේකම් Mike Pompeo ලෝක සාමයට බරපතල තර්ජනයකි

ඇමරිකා රාජ්‍ය ලේකම් Mike Pompe මෑතකදී කැලිෆෝනියාවේ නික්සන් පුස්තකාලයේ හා කෞතුකාගාරයේ දේශනයක් පවත්වමින් ඊනියා "චීන තර්ජනය" අතිශයෝක්තියට නංවමින් කියා සිටියේ පසුගිය වසර 50 තුළ චීනය සමඟ ඇමරිකාව සම්බන්ධ වීමේ ප්‍රතිපත්තිය "අසාර්ථක" වී ඇති බවයි . චීනය වෙනස් කිරීම සඳහා "වඩාත් රැඩිකල් පියවර" යොදා ගන්නා ලෙස ඔහු ඇමරිකාව සහ හවුල්කරු‍වන් ගෙන් ඉල්ලා සිටියේ ය.

සීතල යුද චින්තනය, වසර දෙකකට වැඩි කාලයක් රාජ්‍ය ලේකම් ලෙස ක්‍රියා කරන Mike Pompeo ගේ දේශපාලන මතවාදයේ කැපී පෙනෙනම ලක්ෂණයයි. ඇමරිකාවේදී, ඔහු නිරන්තරයෙන් මැකාතිවාදයේ පුනර්ජීවනය උසිගන්වමින් බෙදීම් ඇති කරන අතර අන්තර්ජාතික ප්‍රජාව තුළදී , ගැටුම් ඇවිස්සීම සඳහා ඔහු සීතල යුද අවතාරයන් යළි කැඳවීමට උත්සහ දරයි.සීතල යුද සමයේ නව චීනයට සතුරු වූ හිටපු රාජ්‍ය ලේකම් ඩලස්ගේ ප්‍රතිරූපය පිටපත් කිරීමේ උත්සාහයක් ලෙස Pompeo මෙවර චීන විරෝධී කථාවක් පැවැත්වීම සඳහා හිටපු ඇමරිකානු ජනාධිපති නික්සන්ගේ උපන් ගම තෝරා ගැනීමට උපරිම උත්සාහයක් ගත්තේය. සීතල යුද මනෝභාවයන් මැඩපැවැත්වීම සඳහා Pompeo නව නාට්‍යයක් වේදිකා ගත කළ බව පැවසිය හැකිය.

වොෂිංටන් පෝස්ට් පුවත්පත ඇමරිකා විදේශ සම්බන්ධතා කමිටුවේ සභාපති Richard Haass 26 වන දින ප්‍රකාශයක් උපුටා දක්වමින් පෙන්වා දුන්නේ Pompeo චීනයට එරෙහි කළ දරුණු කතාවෙන් පෙන්නුම් කළේ ඔහු “ඉතිහාසය, චීනය සහ ඇමරිකාව තේරුම් නොගත්” බවයි.

පසුගිය දශක කිහිපය තුළ චීනය ලෝකය සමඟ ඒකාබද්ධ වීමේ ඉතිහාසය සනාථ කර ඇත්තේ චීනයට ආධිපත්‍යයට වඩා සාමය අවශ්‍ය බවත්, චීනය තර්ජනයකට වඩා අවස්ථාවක් බවත්, චීනය විරුද්ධවාදියෙකුට වඩා හවුල්කරුවෙකු බවත් ය.

ගැටුම් ඇති කරමින් චීනය ලෝකයෙන් වෙන් කිරීමට Pompeo ගත් උත්සාහය ඇමරිකානු ජනතාව ද ඇතුළුව ලෝකයේ සෑම රටකම ජනතාවගේ වැදගත් අවශ්‍යතාවන්ට අනුකූල නොවේ. එම උත්සාහය ජගත් ප්‍රජාව විසින් පුළුල් ලෙස හෙළා දැක තිබේ. ඇමරිකානු ආර්ථික විද්‍යාඥයෙක් මෙන්ම කොලොම්බියා විශ්ව විද්‍යාලයේ තිරසාර සංවර්ධනය පිළිබඳ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජෙෆ්රි සැක්ස් පෙන්වා දුන්නේ ඇමරිකාව චීනයට එරෙහිව ආරම්භ කරන සීතල යුද්ධය නව කොරොනා වසංගතයට වඩා බරපතල තර්ජනයක් වනු ඇති බවයි.

ගුවන් විදුලිය
20240503සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන