දේශපාලනික අවශ්‍යතා සපුරා ගැනීම වෙනුවෙන් ඇමරිකානු දේශපාලනඥයින් දරන කූට උත්සාහය
2020-07-25 17:34:50
Share with:

දේශපාලනික අවශ්‍යතා සපුරා ගැනීම වෙනුවෙන් ඇමරිකානු දේශපාලනඥයින් දරන කූට උත්සාහය

ඇමරිකානු නායකයින් මෑතකදී නව කොරොනා වෛරස් ආරම්භය සොයා ගැනීම ප්‍රයෝජනයට ගනිමින්, යළිත් වරක් චීනය අපකීර්තියට පත් කර තිබේ. ඔවුන් විවෘතව ජාතිවාදය උසිගැන්වීම, ඇමරිකානු ජනතාව සහ ජාත්‍යන්තර ප්‍රජාව විසින් හෙළා දැක තිබේ. ඇමරිකාවේ කොරොනා වසංගතය නැවත දැඩිව ව්‍යාප්තවීම සහ ජනවාර්ගික ගැටුම් පැතිරයාම ඇමරිකානු දේශපාලනඥයන්ගේ දැඩි කනස්සල්ලට හේතු වී ඇති බව විශ්ලේෂකයෝ පෙන්වා දෙති. වගකීම චීනයට පැවරීම යනු, ඇමරිකානු දේශීය ගැටුම් වෙනතකට යොමු කිරීම පමණක් නොව, මැතිවරණය සඳහා දේශපාලනික අවශ්‍යතා සපුරා ගැනීමයි.

ඇමරිකාවේ ප්‍රථම බෝවන රෝග විශේෂඥ Anthony S. Fauci මහතා ද නව කොරොනා වෛරසය චීනයේ රසායනාගාරයක නිපදවා ඇති බවට ඇති කුමන්ත්‍රණ න්‍යාය ප්‍රසිද්ධියේ ප්‍රතික්ෂේප කළේය.

ඒ අතරම, බොහෝ රටවල වැඩි වැඩියෙන් කරන ලද අධ්‍යයනයන් මගින් සොයාගෙන ඇත්තේ ලොව පුරා බොහෝ ස්ථානවල නව කොරොනා වෛරසයේ පැතිරීම, ජනතාව බලාපොරොත්තු වූවාට වඩා කලින් පෙනෙන්නට ඇති බවයි.

මේ සම්බන්ධයෙන් බ්‍රිතාන්‍යයේ ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ සාක්ෂි පදනම් කරගත් වෛද්‍ය මධ්‍යස්ථානයේ ගෞරවනීය ජ්‍යෙෂ්ඨ පර්යේෂකයෙකු වන Tom Jefferson මහතා විශ්වාස කරන්නේ, නව කොරොනා වෛරසය ආසියාවේ මතු වීමට පෙර, වෙනත් ප්‍රදේශයක පැවති බවට වැඩි වැඩියෙන් සාක්ෂි හමුවන බවයි.

වසංගතයේ අධික පීඩනය යටතේ, ඇතැම් ඇමරිකානු දේශපාලනඥයන් ඔවුන්ගේ නොසැලකිලිමත්කම සහ රාජකාරිය පැහැර හැරීම සාධාරණීකරණය කිරීම සඳහා තවමත් "වගකීම චීනයට මාරු කරමින්" සිටින අතර විද්‍යාත්මක වසංගත විරෝධී මාවතට ආපසු යාමට ඔවුන් තවමත් අකමැති ය. මෙය ඇමරිකාවේ ඛේදවාචකයක් මෙන් ම ඇමරිකානු ජනතාවගේ ද අවාසනාවකි!

ගුවන් විදුලිය
20240503සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන