නීත්‍යානුකූල අයිතිවාසිකම් සහ අවශ්‍යතා ආරක්ෂා කිරීමේ චීන අධිෂ්ඨානය
2020-07-24 20:02:03
Share with:

නීත්‍යානුකූල අයිතිවාසිකම් සහ අවශ්‍යතා ආරක්ෂා කිරීමේ චීන අධිෂ්ඨානය

චීනයේ පරස්පර ප්‍රතිප්‍රහාරය ඇමරිකානු උමතු දේශපාලනඥයන්ට ස්ථිර ප්‍රතිචාරයකි

චෙන්ග්ඩු හි ඇමරිකානු කොන්සල් ජනරාල් කාර්යාලය ඉවත් කිරීමට ගත් තීරණය පිළිබඳව චීන විදේශ අමාත්‍යංශය සිකුරාදා චීනයේ ඇමරිකානු තානාපති කාර්යාලයට දැනුම් දුන්නේය. චීනය ගනු ලැබූ පියවර ඇමරිකාව විසින් අයුක්ති සහගත ලෙස කරන ලද ක්‍රියාවට නීත්‍යානුකූල හා අවශ්‍ය ප්‍රතිචාරයකි. එය ජාත්‍යන්තර නීතියට, ජාත්‍යන්තර සබඳතාවල මූලික සම්මුතීන්ට සහ සාම්ප්‍රදායික රාජ්‍යතාන්ත්‍රික භාවිතයන්ට අනුකූල බව ද විදේශ අමාත්‍යංශය කියා සිටී.

මෑතකදී, සමහර ඇමරිකානු දේශපාලනඥයෝ, දේශීය ප්‍රතිවිරෝධතා සහ මැතිවරණ දේශපාලනයේ අවශ්‍යතාවයෙන් බැහැරව, චීනයට උමතු ප්‍රහාරයක් දියත් කළ අතර, දේශපාලනය, ආර්ථිකය, රාජ්‍ය තාන්ත්‍රිකභාවය, හමුදා කටයුතු, දෘෂ්ටිවාදය වැනි සෑම අංශයකින්ම චීනය කුපිත කළහ.

චීනය සහ ඇමරිකාව අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ඇති වූ දා සිට, ඇමරිකාවේ චීන තානාපති කාර්යාල සහ කොන්සල් කාර්යාල සෑම විටම සිය රාජකාරි ඉටු කර ඇත්තේ රාජ්‍යතාන්ත්‍රික සබඳතා පිළිබඳ වියානා සම්මුතියේ සහ කොන්සියුලර් සබඳතා පිළිබඳ වියානා සම්මුතියේ විධිවිධානවලට අනුකූලවය.

ඊනියා "ඇමරිකානු බුද්ධිමය දේපළ අයිතිවාසිකම් සහ ඇමරිකානු පෞද්ගලික තොරතුරු ආරක්ෂා කිරීම" උපුටා දක්වමින් ඇමරිකානු පාර්ශ්වය මෑතකදී චීනයෙන් හූස්ටන් හි කොන්සල් කාර්යාලය දින තුනක් ඇතුළත වසා දමන ලෙස ඉල්ලා සිටියේය. මෙය ජාත්‍යන්තර නීතිය බරපතල ලෙස උල්ලංඝනය කිරීමකි. ජාත්‍යන්තර සබඳතාවල මූලික සම්මුතීන් සහ චීන ඇමරිකා කොන්සියුලර් ගිවිසුම්වල අදාළ විධිවිධාන උල්ලංඝනය කෙරෙන ඉතා නරක දේශපාලන ප්‍රකෝප කිරීමක් ලෙස හැඳින්විය හැකිය.

රුසියානු විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක Maria Zakharova 23 වන දින කියා සිටියේ ඇමරිකානු රජයේ භාවිතාව වසර ගණනාවක් තිස්සේ පෙනී සිටි නීතියේ ආධිපත්‍යයට පටහැනි බවයි. සැන් ඇන්ටෝනියෝහි ටෙක්සාස් විශ්ව විද්‍යාලයේ දේශපාලන විද්‍යා මහාචාර්යවරයෙකු වන Jon R. Taylor කියා සිටියේ, ඇමරිකා ප්‍රවේශය එහි වසංගතය හා ආර්ථික පසුබෑම සමඟ කටයුතු කිරීමට ඇමරිකා රජය අපොහොසත් වීමෙන් මහජන අවධානය වෙනතකට යොමු කර සීතල යුද චින්තනය ඉස්මතු කිරීමක් බවය.

වොෂිංටනයේ දේශපාලනඥයන්ගේ ප්‍රහාරය යටතේ චීන ඇමරිකා රාජ්‍ය තාන්ත්‍රික සබඳතා බරපතලම අභියෝගයට මුහුණ දී සිටී. සහයෝගිතාව එකම නිවැරදි තේරීම වේ. චීනය තමන්ගේම නීත්‍යානුකූල අයිතිවාසිකම් සහ අවශ්‍යතා ආරක්ෂා කිරීමට අධිෂ්ඨාන කරගෙන සිටී.

ගුවන් විදුලිය
20240503සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන