පොදු ඉරණයක් සහිත මානව ප්‍රජාව ගොඩනැගීම ප්‍රවර්ධනය කිරීමේ අභ්‍යාසයක් වූ, චීනයේ අඟහරු ගවේෂණ මෙහෙයුම
2020-07-23 19:55:29
Share with:

පොදු ඉරණයක් සහිත මානව ප්‍රජාව ගොඩනැගීම ප්‍රවර්ධනය කිරීමේ අභ්‍යාසයක් වූ, චීනයේ අඟහරු ගවේෂණ මෙහෙයුම

චීනය පළමු අඟහරු ගවේෂණ මෙහෙයුම සිදු කරන ටියැන්වෙන් -1 නමැති ගවේෂණ යානය අද (23) සාර්ථක ලෙස අභ්‍යාවකාශ ගත කළේය. කක්ෂගත කිරීම, ගොඩබෑම සහ ගමන් කිරීම සම්පූර්ණ කිරීම ඇතුළු සෞරග්‍රහ මණ්ඩලය පිළිබඳ ගවේෂණ සඳහා එය අඟහරු වටා මාස හතකට ආසන්න ගමන් කිරීමට නියමිතය.

වර්තමානයේ අඟහරු ග්‍රහයා පිළිබඳ මිනිසුන්ගේ දැනුම තවමත් ඉතා දුර්වල මට්ටමක පවතින අතර මානවයන් අඟහරු සම්පත් සංවර්ධනය කිරීමට හෝ අඟහරු ග්‍රහයා “දෙවන පෘථිවියක්”බවට පත් කිරීමට තවමත් බොහෝ දුරින් සිටී.

එබැවින් අඟහරු ගවේෂණය චන්ද්‍රිකා සන්නිවේදනය, සංචලනය, දුරස්ථ සංවේදය යනාදී පෘථිවියට ආසන්න කක්ෂීය අභ්‍යවකාශ තාක්ෂණ යෙදුම් ව්‍යාපෘති වලට වඩා වෙනස් ය. කෙටිකාලීනව එය ආර්ථික වටිනාකමෙන් මැනිය නොහැකි නමුත් එය සම්පූර්ණ “මානව සුභසාධන කටයුත්තකි.”

සමානාත්වය සහ අන්‍යෝන්‍ය ප්‍රතිලාභ, සාමකාමී භාවිතය සහ සාධාරණත්වය හා සංවර්ධනය යන කරුණු සෑම විටම පදනම් කරගන්නා චීනය ගැඹුරු ජාත්‍යන්තර හුවමාරුව සහ අභ්‍යවකාශ ක්ෂේත්‍රයේ සහයෝගිතාව අවධාරණය කර ඇත. අඟහරු ග්‍රහයාගේ චුම්බක ක්ෂේත්‍රය සහ පස හඳුනා ගැනීම සඳහා යුරෝපා අභ්‍යවකාශ ඒ‍ජන්සිය, ප්‍රංශ ජාතික අභ්‍යවකාශ පර්යේෂණ මධ්‍යස්ථානය සහ ඔස්ට්‍රියානු පර්යේෂණ ප්‍රවර්ධන ඒජන්සිය විසින් සපයන ලද විද්‍යාත්මක උපකරණ රැසකින් ටියැන්වෙන් -1 නමැති ගවේෂණ යානය සමන්විත වේ.

චීනයේ මෙම අඟහරු ගවේෂණ මෙහෙයුම ජාත්‍යන්තර සහයෝගිතාවේ ආදර්ශයක් මෙන්ම පොදු ඉරණයක් සහිත මානව ප්‍රජාව ගොඩනැගීම ප්‍රවර්ධනය කිරීමේ අභ්‍යාසයක් බව කිව හැකිය.

ගුවන් විදුලිය
20240503සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන