විද්‍යා හා තාක්ෂණ නවෝත්පාදන මණ්ඩලයේ ස්ථාවර වේගය චීනයේ නවෝත්පාදනයට හා සංවර්ධනයට උපකාරී වේ
2020-07-22 20:00:49
Share with:

විද්‍යා හා තාක්ෂණ නවෝත්පාදන මණ්ඩලයේ ස්ථාවර වේගය චීනයේ නවෝත්පාදනයට හා සංවර්ධනයට උපකාරී වේ

විද්‍යා හා තාක්ෂණ නවෝත්පාදන සුරැකුම් පත්‍ වෙළඳපොළේ ස්ථාවර වේගය චීනයේ නවෝත්පාදනයට හා සංවර්ධනයට උපකාරී වේ

“චීනයේ ප්‍රාග්ධන වෙළඳපොළ ප්‍රතිසංස්කරණයේ පර්යේෂණාත්මක ක්ෂේත්‍රය” ලෙස හැඳින්වෙන විද්‍යා හා තාක්ෂණ නවෝත්පාදන සුරැකුම් පත් වෙළඳපොළ විවෘත කිරීමේ පළමු සංවත්සරය 22 වන දින සැමරීය. පසුගිය වසර පුරා විද්‍යා හා තාක්ෂණ නවෝත්පාදන සුරැකුම් පත්‍ වෙළඳපොළ නියමු ලියාපදිංචි කිරීමේ ක්‍රමය සුමටව ක්‍රියාත්මක කර තිබේ. ප්‍රධාන ආයතනික නවෝත්පාදනයන් වෙළඳපොළ පරීක්ෂණයට ඔරොත්තු දී ඇත. චීනයේ ආර්ථික පරිවර්තනය ප්‍රවර්ධනය කරමින් විද්‍යාත්මක හා තාක්ෂණික නවෝත්පාදනයන් සඳහා සහාය වීම තුළින් කැපී පෙනෙන ජයග්‍රහණ ලබා ගෙන ඇත.

පසුගිය වසර තුළ විද්‍යා හා තාක්ෂණ නවෝත්පාදන සුරැකුම් පත්‍ වෙළඳපොළේ ස්ථාවර ක්‍රියාකාරිත්වය මූල්‍ය ප්‍රාග්ධනය සහ විද්‍යාත්මක හා තාක්ෂණ නවෝත්පාදන අංග අතර නාලිකාවක් පිහිටුවා ඇති අතර විද්‍යා හා තාක්ෂණික ව්‍යවසායන් සඳහා සෘජු මූල්‍ය සේවා සැපයීම, විද්‍යාත්මක හා තාක්ෂණික නවෝත්පාදන සංවර්ධනය හා වර්ධනයට උපකාරී වේ. විද්‍යාත්මක හා තාක්ෂණික ජයග්‍රහණ, නැවත පරිවර්තනය කිරීම වේගවත් කිරීම සඳහා සංවර්ධන විභවයන් සහ ඉහළ වෙළඳපොළ පිළිගැනීමක් ඇති ව්‍යවසායන් බවට පත් විය.

වාර්තාවලට අනුව, ජූලි 21 වන විට ව්‍යවසායන් 133 ක් විද්‍යා හා තාක්ෂණ නවෝත්පාදන සුරැකුම් පත්‍ වෙළඳපොළේ ලැයිස්තු ගත කර ඇති අතර, එහි සමස්ත වෙළඳපොළ වටිනාකම යුවාන් ට්‍රිලියන 2.62 ක් වන අතර, රැස් කළ අරමුදල යුවාන් බිලියන 1991.5 කි. ජූලි 22 වන දින චීන මාධ්‍ය සමූහයේ ෂැංහයි ශාඛා ආයතනය විසින් සම්පාදනය කරන ලද පළමු “2020 විද්‍යා හා තාක්ෂණ නවෝත්පාදන සුරැකුම් පත්‍රයේ ධවල පත්‍රිකාව” නිකුත් කර තිබේ.

මෙම වසර චීනයේ ප්‍රාග්ධන වෙළඳපොළ පිහිටුවීමේ 30 වන සංවත්සරික වසරයි. අවුරුදු 30කට පෙර පිහිටුවන ලද චීනයේ ප්‍රාග්ධන වෙළඳපොළ, ප්‍රධාන ප්‍රතිසංස්කරණ මාලාවක වඩ වඩාත් පරිණත වෙමින් තිබේ.

ගුවන් විදුලිය
20240503සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන