Volkswagen සමූහයට අයත් චීන සමාගම යුරෝ බිලියන 4 කට අධික මුදලක් මේ වසරේ චීනයේ ආයෝජනය කිරීමට සැලසුම් කරයි
2020-07-21 20:07:54
Share with:

Volkswagen සමූහයට අයත් චීන සමාගම යුරෝ බිලියන 4 කට අධික මුදලක් මේ වසරේ චීනයේ ආයෝජනය කිරීමට සැලසුම් කරයි

ජර්මනියේ Volkswagen සමූහයට අයත් චීන සමාගම හවුල්කරුවන් සමඟ යුරෝ බිලියන 4 කට අධික මුදලක් මේ වසරේ චීනයේ ආයෝජනය කිරීමට සැලසුම් කරයි. එම සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී Stephan Wollenstein මහතා පසුගියදා චීන මාධ්‍ය සමූහය සමඟ පැවති සම්මුඛ සාකච්ඡාවකදී පැවසුවේ, චීන වෙළඳපොළ තවදුරටත් විවෘත කිරීම තුළින් Volkswagen සමූහයට වැඩි ව්‍යාපාරික අවස්ථා ලැබෙන බවයි.

Wollenstein මහතාගේ මතයට සමාන අදහස් ඇති ජාත්‍යන්තර සමාගම්වල නිලධාරීහු බොහොමයක් සිටිති. පසුගිය මාස කිහිපය තුළ Qualcomm, Pepsi, JP Morgan, Exxon Mobil ඇතුළු විදේශීය සමාගම් රැසක් චීනයේ සිය වෙළඳපොළ සක්‍රියව ව්‍යාප්ත කර තිබේ.

අන්තර්ජාතික ආයෝජන සඳහා, වසංගතය වැනි කෙටිකාලීන සාධක බලපානු ඇතත්, වෙළඳපොළ පරිසරය සහ ආයෝජන ගමනාන්තවල දිගුකාලීන සංවර්ධන අපේක්ෂාවන් කෙරෙහි වැඩි අවධානයක් යොමු කෙරේ. චීනය තවමත් ගෝලීය ආයෝජන සඳහා උණුසුම් රටක් වීමට හේතුව, එහි යහපත් ආර්ථික පදනම, ව්‍යාපාරික පරිසරය අඛණ්ඩව ප්‍රශස්තකරණය කොට විවෘතභාවය පුළුල් කිරීමේ ප්‍රතිපත්තිවලට සම්බන්ධ වීම ය.

වර්තමානයේ, නව කොරොනා වසංගතය තවමත් ගෝලීයව ව්‍යාප්ත වෙමින් පවතී. මෙම වසරේ දෙවන භාගයේදී චීනයේ “විදේශ ආයෝජන ස්ථාවර කිරීම”තවමත් දැඩි අභියෝගයන්ට හා පීඩනයන්ට මුහුණ දී සිටින අතර අස්ථීර හා අවිනිශ්චිත සාධක කැපී පෙනෙන ලෙස වැඩි වී තිබේ. මේ සම්බන්ධයෙන් සාපේක්ෂව විශාල බාහිර අවදානම්වලට මුහුණ දීම සඳහා චීනයට දිගුකාලීන සූදානමක් ඇත. අර්බුදයන්ට මුහුණ දීමේ විශ්වාසය හා හැකියාව චීනය සතුය. චීනය ගෝලීය ආයෝජන සඳහා උණුසුම් ගමනාන්තයක් බවට පත් වෙමින් සංවර්ධන ලාභාංශ ලෝකය සමඟ බෙදා ගැනීමට අපේක්ෂා කරයි.

ගුවන් විදුලිය
20240503සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන