ලෝක සංවර්ධනයේ ප්‍රවණතාවයට විරුද්ධව නැගෙන, ඇමරිකානු දේශපාලනඥයන්ගේ ප්‍රකෝපකාරී ක්‍රියා
2020-07-20 20:50:35
Share with:

ලෝක සංවර්ධනයේ ප්‍රවණතාවයට විරුද්ධව නැගෙන, ඇමරිකානු දේශපාලනඥයන්ගේ ප්‍රකෝපකාරී ක්‍රියා

මෑත දිනවල, චීන කොමියුනිස්ට් පක්ෂයේ සාමාජිකයන් සහ ඔවුන්ගේ ඥතීන් ඇමරිකාවට ගමන් කිරීම සම්පූර්ණයෙන් තහනම් කිරීම කෙරෙහි ඇමරිකානු රජය සලකා බලමින් සිටින බවට ඇමරිකානු දේශීය හා ජාත්‍යන්තර විවේචන විසින් අවුලුවනු ලැබ තිබේ.

ඇමරිකානු දේශපාලනඥයන්ගේ එම ප්‍රකෝපකාරී ක්‍රියාව චීන-ඇමරිකා දෙරටේ ජනතාවගේ කැමැත්තට හා ලෝක සංවර්ධනයේ ප්‍රවණතාවයට විරුද්ධ වන බවත්, මැකාර්තිවාදයේ පුනර්ජීවනය ඉන් වඩාත් පැහැදිලිව පෙනෙන්නට තිබෙන අතර ඒ ගැන සෙසු ලෝකය සුපරීක්ෂාකාරී විය යුතු බවත් විශ්ලේෂකයින් පවසා ඇත.

වත්මන් බහු ධ්‍රැවීයතාවයේ ප්‍රවණතාව තුළ ඇමරිකානු දේශපාලනඥයන් චීනය සමඟ “නව සීතල යුද්ධයක්”සඳහා සටන් කිරීමට නිෂ්ඵල වී තිබේ. නමුත් එය ඇමරිකාවටත් ලෝක සාමයටත් වඩා අනතුරුදායක තත්වයක් නිර්මාණය කරනු ඇත.

ඇමරිකාව තවමත් වත්මන් ලෝකයේ එකම සුපිරි බලවතා වුවද සිය දේශපාලන, ආර්ථික සහ විද්‍යා හා තාක්ෂණික ආධිපත්‍යය බොහෝ කලක් තිස්සේ ගෙවී ගොස් ඇත.

ඇමරිකානු දේශපාලනඥයන් චීන-ඇමරිකානු සබඳතා කඩා කප්පල් කිරීමට උත්සාහ දරන නමුත් ඇමරිකානු වාණිජ, ශාස්ත්‍රීය හා පෞද්ගලික අංශයේ තීක්ෂණ බුද්ධිය ඇති පුද්ගලයින් ඊට එකඟ නොවනු ඇත.

ලෝකයේ ද්විපාර්ශ්වික සබඳතාවල වැදගත් අංගයක් ලෙස සැලකෙන චීන-ඇමරිකානු සබඳතා ලෝක සාමයට හා ස්ථාවරත්වයට සම්බන්ධ වේ.

සාමයට ආදරය කරන චීන ජනතාව මුල සිට ම උපක්‍රමීය හා තිරසර මට්ටමක සිට චීන-ඇමරිකානු සබඳතා සලකනු ලබයි. සංවර්ධනාත්මක ආකාරයෙන් දෙරට අතර මතභේද විසඳා ගැනීමට චීනය බලාපොරොත්තු වේ. නමුත් ‍ඇමරිකානු දේශපාලනඥයන් අඛණ්ඩව ප්‍රකෝප කළහොත්, චීන ජනතාව අනිවාර්යයෙන් ම තමන්ගේ සංවර්ධනීය අයිතිවාසිකම් ස්ථීර ලෙස ආරක්ෂා කරනු ඇත.

ගුවන් විදුලිය
20240503සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන