දකුණු චීන මුහුදු කලාපය නොසන්සුන් කිරීමේ ඇමරිකාවේ යටි අරමුණ පැහැදිලියි
2020-07-19 18:42:18
Share with:

ඇමරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ, මෑතකදී දකුණු චීන මුහුදු කලාපයේ නොසන්සුන් තත්ත්වයක් ඇති වූ බව උද්දීපනය කරමින් එම කලාපය පිළිබඳ චීනයේ ස්වාධිපත්‍යය හා නිත්‍යනුකූල මුහුදු අයිතීන්ට අපහාස කිරීම් සිදු කළේය. සත්‍ය වශයෙන් එම කලාපයට අදාල නොවන රටක් වශයෙන්, ඇමරිකාවට දකුණු චීන මුහුදු ප්‍රශ්නය පිළිබඳව කිසිදු ප්‍රකාශන අයිතියක් නොමැති බව පෙන්වා දිය යුතුය.

ඇමරිකාව, දකුණු චීන මුහුදු ප්‍රශ්නය මගින් චීනයට අපහාස කර ඇත්තේ චීනය සහ අදාල ආසියාන් රටවල් අතර සබඳතාව විනාශ කරමින් චීනය මර්දනය කිරීමේ සිය උපායමාර්ගික සැලැස්ම අඛණ්ඩව ඉදිරියට මෙහෙයවීම සඳහාය. දකුණු චීන මුහුදු කලාපයේ නොසන්සුන් තත්ත්වයක් උද්දීපනය කරමින් අදාල රටවලට සිය අවි ආයුධ අලෙවි කිරීම ඇමරිකාවේ තවත් අරමුණකි.

වර්තමානයේදී චීනය සහ ආසියාන් රටවල පොදු උත්සාහය යටතේ දකුණු චීන මුහුදු කලාපය ස්ථිර යහපත් තත්ත්වයක පවතී. ‘දකුණු චීන මුහුදු කලාපයේ ක්‍රියා පිළිබඳ උපමාන’ සාකච්ඡාවේ ලිපිලේඛන, දෙවැනි වටයේ පරීක්ෂණයට ලක් කෙරෙමින් පවතී. විවිධ පාර්ශ්වයන් දකුණු චීන මුහුදු කලාපයේ සාමය හා යාත්‍රා නිදහස ආරක්ෂා කිරීම සඳහා ස්ථිර අධිෂ්ඨානය පළ කර ඇත. එම කලාපය, සාමය, මිත්‍රත්වය හා සහයෝගතාව පිළිබඳ කලාපයක් ලෙසට ගොඩනැගීම සියළු කලාපීය රටවල පොදු අභිලාෂයය.

පිලිපීනය සුහද සාකච්ඡා මාර්ගවලින් දකුණු චීන මුහුදු කලාපයට අදාළ ගැටළු විසඳා ගැනීමෙහි අඛණ්ඩව නියැළි සිටිනු ඇතැයි එරට විදේශ ඇමති Teodoro Locsin මහතා පසුගියදා චීන විදේශ ඇමතිවරයා සමග දුරකථන සාකච්ඡාවක් පවත්වමින් ප්‍රකාශ කළේය. ඇමරිකාවේ ක්‍රියා, අදාළ රටවල පොදු සංවර්ධන අපේක්ෂාවන් ඇවිලීමට ගත් උත්සාහයක් බව ඉන් පැහැදිලිය.

ගුවන් විදුලිය
20240503සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන