චීනය හා ඇමරිකාවේ වසංගතය වෙනස් දිශාවන්වලට හැරී ඇත්තේ ‘ සේවය කළ යුත්තේ කවුරුන්ට ද’ යන ප්‍රශ්නවලට රටවල් දෙක දැක්වූ වෙනස් පිළිතුරු නිසාවෙන් නොවේද?
2020-07-18 15:13:11
Share with:

මෑතකදී ඇමරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ සහ ජාතිකාරක්ෂක උපදේශක Robert C. O’Brien ඇතුළු චීනයට එරෙහි දේශපාලනඥයෝ, චීනයේ ආණ්ඩු පක්ෂයට අපහාස කරමින් එම පක්ෂය හා චීන ජනතාව අතර සබඳතාව විනාශ කිරීමට තැත් කළහ. මේ අතර, පසුගියදා Harvard විශ්ව විද්‍යාලය නිකුත් කළ, වසර 14ක් පුරා සම්පාදනය කර ඇති වාර්තාවක සඳහන් වන පරිදි, චීන ජනතාව මධ්‍යම රජය කෙරෙහි තෘප්තිමත් අනුපාතය සියයට 90කට අධිකය. චීන ආණ්ඩු පක්ෂයට හිමි ඉහල ජනප්‍රියත්වය හා ජන විශ්වාසය ඉන් පිළිබිඹු වෙයි.

වසර සියයක ඉතිහාසයක් ඇති පක්ෂයක් වශයෙන් චීන කොමියුනිස්ට් පක්ෂය සිය උපන් දිනයේ සිටම, කිසිදු පෞද්ගලික ප්‍රතිලාභ නොසලකා, ජනතාවගේ යහපතට ප්‍රමුඛත්වය දීමේ මූලධර්මයට කටයුතු කරමින් සිටී. විශේෂයෙන් වසංගතය පාලනය කිරීමේදී චීන රජය, විද්‍යාවට බාධා නොකර විද්‍යාවට දේශපාලන සහාය පූර්ණ ලෙස සපයා දුන් බව සිංගප්පූරු ජාතික විශ්ව විද්‍යාලයේ මහචාර්ය චෙන් යොන්නියන් මහතා ලිපියක් පළ කරමින් ප්‍රකාශ කළේය. විද්‍යාත්මක යෝජනා හා තීරණ ක්‍රමවේදය ඵලදායි ලෙස භාවිත කිරීම, මාස තුනක කාලයකින් කෝටි 140ක චීන ජනතාවට වසංගතය පාලනයට ලක් කළ හැකි වීමේ ප්‍රධාන සාධක බව පෙන්වා දිය හැකිය.

එහෙත්, පෙර‍ නොවූ විරූ වසංගතයට මුහුණ පා ඇති ඇමරිකාවේ නම්, උදාසීන දේශපාලන ලාභ, ප්‍රාග්ධන හා ඡන්ද වාසිවලට මුල් තැන දීම පමණක් දක්නට ලැබේ. ඇමරිකා දේශපාලන නායකත්වයේ වරදින් වසංගතය පාලනය කිරීමේ වැදගත්ම අවස්ථා කිහිපයක් ම මග හැරී ගියේය. එහි ප්‍රතිඵලයක් වශයෙන්, වසංගතය උග්‍ර වෙමින් ආර්ථිකය බාධාවට ලක් විය. විරැකියා අනුපාතය ඉහල යමින් ජනතාවගේ ක්‍රෝධය වර්ධනය විය.

චීනය හා ඇමරිකාව යන දැවැන්ත රටවල් දෙකේ වසංගත තත්ත්වය සම්පූර්ණයෙන් වෙනස් දිශාවන්වලට හැරී ඇත්තේ ‘ සේවය කළ යුත්තේ කවුරුන්ට ද’ යන ප්‍රශ්නවලට රටවල් දෙක දැක්වූ වෙනස් පිළිතුරු නිසාය. චීනයේදී, ආණ්ඩු පක්ෂයේ මූලිකත්වය රඳා පවතින්නේ ජනතාව මතය. ජනතාවගේ වාසි හා පක්ෂයේ වාසි, පොදු සමස්තයකි. එහෙත් ඇමරිකාවේ නම්, රාජ්‍ය තීරණයන් පාලනය කරන ලද්දේ සමාන ලාභ ලුහුබඳින කණ්ඩායම් විසින් අතර එම කණ්ඩායම්වලට ද සේවය සැලසිය යුතුය. ජනතාවගේ අවශ්‍යතාවන් මඟ හැරී යමින් ඔවුන්ගේ යහපත ආරක්ෂාවෙන් නිදහස් ය. ‍එමෙන්ම ඇමරිකාවේ පවතින ධන විෂමතාවෙන් ඇති වූ සමාජ අසාධාරණය, ප්‍රාග්ධනය විසින් දේශපාලනය පැහැර ගනු ලැබීම, මහජන යහපත මග හැරීම යන ගැටළු, වසංගත කාලයේදී වඩාත් ඉස්මතු වී ඇත. ඇමරිකාවේ සිට කොරොනා වෛරස පරීක්ෂණයක් ලබා ගැනීමට ප්‍රථමයෙන් පොහොසතෙකු විය යුතු බව නිව්යෝර්ක් ටම්ස් පුවත්පත පෙන්වා දී තිබේ.

ගුවන් විදුලිය
20240503සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන