ෂින්ජියං ගැන විශාල බොරු පතුරුවන ඇමරිකානු රැවටිලිකාර දේශපාලනඥයෝ
2020-07-17 19:50:12
Share with:

විශාලතම මානව හිමිකම් උල්ලංඝනය කරන්නන් වන්නේ ෂින්ජියං ගැන විශාල බොරු පතුරුවන ඇමරිකානු දේශපාලනඥයන් ය

ව්‍යජත්වයෙන් පිරී ඇති ඇමරිකානු රාජ්‍ය ලේකම් Mike Pompeo සහ ජාතික ආරක්ෂක උපදේශක Robert C.O'Brien වැනි චීන විරෝධී දේශපාලනඥයෝ මෑතකදී මානව හිමිකම් මුවාවෙන් ෂින්ජියං පාලනය කිරීමේ චීනයේ ප්‍රතිපත්තියට අපහාස කරමින් “සමූහ රැඳවුම්” ෂින්ජියං හි "බලහත්කාර ශ්‍රමිකයන්" සහ "ජනගහන පාලනය" වැනි විශාල අසත්‍ය පැතිරවීමට ක්‍රියා කළහ. කෙසේ වෙතත්, ඔවුන්ට කිසිදු සැබෑ සාක්ෂියක් සැපයිය නොහැක, ඊට පටහැනිව, ඔවුහු නිරන්තරයෙන් වංචාවන්ට නිරාවරණය වී, අගෞරවයට පත්ව සිටිති.

මෑතකදී, චීනයේ ඇමරිකානු තානාපති කාර්යාලය සහ කොන්සල් කාර්යාලය සිය නිල ට්විටර් ගිණුමට චීන භාණ්ඩ “වහල් ශ්‍රමිකයන් සාදන ලද” බවට අභූත චෝදනාවක් සහිත පින්තූරයක් සමඟ “චීන රජය ෂින්ජියංහි මානව හිමිකම් උල්ලංඝනය කර ඇත” යන ට්විටර් පණිවුඩයක් පළ කළේය .එම පින්තූරය කෘත්‍රීමව සැකසූවක් බවට අන්තර්ජාල භාවිත කරන්නෝ සොයා ගත්හ.

ඇමරිකාවේ ස්වාධීන ප්‍රවෘත්ති වෙබ් අඩවියක් වන “අළු කලාපය” විසින් කරන ලද සමීක්ෂණයකට අනුව, ඊනියා “උයිගුර් බලහත්කාර ශ්‍රමිකයන් ” සිටින්නේ ඇමරිකාවේ සහ ඕස්ට්‍රේලියාවේ චීන විරෝධී හමුදා විසින් ප්‍රවේශමෙන් සැලසුම් කරන ලද “අකුණු මහජන සම්බන්ධතා ක්‍රියාකාරකම්” තුළ ය.

චීන පාලක පක්ෂය ෂින්ජියංහි උයිගුර් ජාතික “ජනගහන පාලනය” සිදුකර ඇතැයි Robert C.O'Brien කර ඇති ප්‍රකාශය අපහාස, පදනම් විරහිත හා ද්වේෂසහගත බවෙන් පිරී තිබේ. පසුගිය වසර 40 තුළ, ෂින්ජියං ස්වයං පාලන කලාපයේ උයිගුර් ජනගහනය මිලියන 5.55 සිට මිලියන 11.68 දක්වා වර්ධනය වී තිබේ. එසේ නම් ඊනියා "ජනගහන පාලනය" යනු කෙතරම් හාස්‍යයක් ද?

මානව හිමිකම ඇමරිකානු හිරිහැර කිරීමේ දේශපාලන මෙවලම් බවට පත්වන විට සහ ඇතැම් දේශපාලනඥයින් ගේ පෞද්ගලික අවශ්‍යතා ඉටු නොවන විට, ඊනියා “මානව හිමිකම් කාඩ්පත” මගින් ලෝකය රැවටීම සිදු කළ නොහැකිය.

ගුවන් විදුලිය
20240503සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන