චීනය ලොව දෙවැනි විශාලතම ආර්ථික ස්වභාවය බවට වර්ධනය වී ඇත්තේ වෙහෙසකර කැපවීම් නිසා මිස, ඇමරිකාවේ ත්‍යාගයන් මත නොවේ
2020-07-16 19:16:40
Share with:

චීනයේ ආණ්ඩු පක්ෂය ඇමරිකාව හා එහි සන්ධාන රටවලට ඉමහත් තර්ජනයක් එල්ල කර ඇතැයි ඇමරිකානු ජාතිකාරක්ෂක උපදේශක Robert O’Brien පසුගියදා ප්‍රකාශ කළේය.

ඔහුගේ චීන එදිරිවාදී ප්‍රකාශනයෙන්, ඇතැම් ඇමරිකානු දේශපාලනඥයන්ගේ විකෘති මානසික තත්ත්වය පිළිබිඹු වී තිබේ. වරෙක, චීනය බලවත් වී ඇත්තේ ඇමරිකාවේ විවෘත වෙළඳපොළ නිසා බවත් චීනය මේ සඳහා ස්තුතිවන්ත විය යුතු බවත් ඔවුහු අදහස් කරති. තවත් වරෙක, චීනය ඔවුන් අපේක්ෂා කරන ආකාරයට වර්ධනය නොවීම ඔවුන්ගේ පිලිකුලට හේතු වී ඇත.

එහෙත් චීනය, විශාල ජනගහණයන් සහිතව දුර්වල රටක සිට ලොව දෙවැනි විශාලතම ආර්ථික ස්වභාවය බවට වර්ධනය වී ඇත්තේ, සිය ප්‍රතිසංස්කරණ හා විවෘතභාවය පිළිබඳ ප්‍රතිපත්ති, සෙසු රටවල් සමග අන්‍යෝන්‍ය යහපත් සබඳතා ගොඩනැගීම හා චීන ජනතාවගේ වෙහෙසකර කැපවීම නිසා මිස, ඇමරිකාවේ ත්‍යාගයන් මත නොවන බව පෙන්වා දිය යුතුය. ‍

ඇමරිකාවට ආදේශ වීමටත්, තවත් ඇමරිකාවක් බවට පත් වීමටත් චීනයට කිසිදු උනන්දුවක් නොමැත. චීනය, සංවර්ධනාත්මක සංවාද ක්‍රමවලින් මතභේද නිරාකරණය කිරීමෙහි නියැළී සිටිද්දී, ‘චීන තර්ජනය’ නැගෙන්නේ කෙසේ ද?

තමාගේ සංවර්ධන රටාව සෙසු රටවලට නොපටවන චීනය, කිසි විටකවත් සෙසු රටවල අභ්‍යන්තර කටයුතුවලට ද මැදිහත් නොවීය. එහෙත් රටේ සංවර්ධන අයිතීන් හා සංවර්ධන ක්‍රම ආරක්ෂා කිරීමේ අධිෂ්ඨානය ද වෙනස් නොවනු ඇත.

ගුවන් විදුලිය
20240503සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන