චීන ආර්ථිකයේ ධනාත්මක වර්ධනයක්
2020-07-16 21:02:21
Share with:

මෙම වසරේ දෙවැනි කාර්තුවේ චීනයේ ආර්ථික වර්ධන අනුපාතය, කළින් පැවතුණු ඍණාත්මක මට්ටමේ සිට ධනාත්මක තත්ත්වයක් බවට පත් වී, සියයට 3.2ක වර්ධනයක් ඉටු කළේය. එම දත්ත ජාත්‍යන්තර මුල්‍ය අරමුදල හා ලෝක බැංකුව පළ කළ අලුත්ම ගෝලීය ආර්ථික අනාවැකියෙන් කියැවෙන චීන ආර්ථිකය පිළිබඳ සුභවාදී ආකල්පයට ගැලපෙන බව පෙන්වා දිය යුතුය.

චීන ආර්ථිකයේ ස්ථිර පුනර්ජීවනය ඉටු වී ඇත්තේ, චීන රජය වසංගත පාලනය හා ආර්ථික සංවර්ධනය නිසි හා ඵලදායි ලෙස සම්බන්ධීකරණය කිරීම මත බව පැහැදිලිය. තවද, ලොව විශාලතම හා පූර්ණතම කාර්මික පද්ධතිය චීනය සතුව ඇත. උසස් අධ්‍යාපනය හා වෘත්තීය නිපුණතාවන් ඇති ජනගහණය කෝටි 17කි. එමෙන්ම මධ්‍ය ආදායම් ලාභීන් කෝටි 40ක් ඇතුළත්ව කෝටි 140ක ජනගහණයක් සහිත චීනයට සුවිශාල දේශීය වෙළඳපොලක් තිබේ. දේශීය හා විදේශීය චක්‍ර ද්විත්ව ලෙස වර්ධනය වීමේ මහ සමස්තයක් හැඩ ගැසී, එය චීනයේ නව සංවර්ධන රටාවට ශක්තිමත් පදනමක් සලසා දී තිබේ.

ගුවන් විදුලිය
20240503සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන