චීනයේ ස්වෛරීභාවය, ආරක්ෂාව සහ සංවර්ධන අවශ්‍යතා ආරක්ෂා කිරීමේ දැඩි අධිෂ්ඨානය වරදවා වටහා නොගන්නා ලෙස චීන රජය නැවත වරක් ඇමරිකාවෙන් ඉල්ලා සිටී
2020-07-15 20:05:44
Share with:

චීනයේ ස්වෛරීභාවය, ආරක්ෂාව සහ සංවර්ධන අවශ්‍යතා ආරක්ෂා කිරීමේ දැඩි අධිෂ්ඨානය වරදවා වටහා නොගන්නා ලෙස චීන රජය නැවත වරක් ඇමරිකාවෙන් ඉල්ලා සිටී

හොංකොං හා සම්බන්ධ “පනත් කෙටුම්පත” මගින් චීනයට තර්ජනය කිරීමට ඇමරිකානු පාර්ශ්වය දරන උත්සාහය සිහිනයක් පමණි

මෑතකදී, චීනයේ ගාම්භීර විරෝධය නොතකා, ඇමරිකාව සිය කොංග්‍රසය විසින් සම්මත කරන ලද ඊනියා "හොංකොං ස්වයං පාලන පනත" නීතියක් ලෙසට අත්සන් කර, හොංකොං හි ජාතික ආරක්ෂක නීතිවලට ද්වේෂ සහගත ලෙස අපහාස කරමින් චීනයට සම්බාධක පැණවීමේ තර්ජන සිදු කළේය. මෙම "දුරස්ථ අධිකරණ ස්වරූප බලය" අනිසි ලෙස භාවිත කිරීම සහ චීනයේ අභ්‍යන්තර කටයුතුවලට මැදිහත්වීම ජාත්‍යන්තර නීතිය සහ ජාත්‍යන්තර සබඳතාවල මූලික සම්මතයන් බරපතල ලෙස උල්ලංඝනය කිරීමෙන්, චීනයේ හොංකොං විශේෂ පරිපාලන කලාපයට එරෙහිව ක්‍රියා කරන ඇතැම් ඇමරිකානු දේශපාලනඥයින්ගේ අවලස්සන මුහුණු තවදුරටත් හෙළි විය. ඊනියා හොංකොං සම්බන්ධ "පනත් කෙටුම්පත" මගින් චීනයට තර්ජනය කිරීමට ඇමරිකානු පාර්ශවය දරන උත්සාහය නිෂ්ඵල සිහිනයක් පමණි.

ජාත්‍යන්තර නීතියේ දෘෂ්ටි කෝණයෙන් බැලීමේදී ඇමරිකානු දේශපාලනඥයන් කියා සිටින්නේ “හොංකොං හි ස්වයං පාලනයට හානි කරන” පුද්ගලයන්ට, මූල්‍ය ආයතනවලට සහ වෙනත් ආයතනවලට ද දඬුවම් කරන බවයි. ඔවුහූ ජාත්‍යන්තර නීති පාගා දමන අතරම “දුරස්ථ අධිකරණ ස්වරූප බලය” නිර්දය ලෙස භාවිත කරති.

1970 දී එක්සත් ජාතීන්ගේ විසින් සම්මත කරන ලද ජාත්‍යන්තර නීතියේ මූලධර්ම ප්‍රකාශයට අනුව, කිසිදු හේතුවක් මත වෙනත් රටවල අභ්‍යන්තර හෝ විදේශීය කටයුතුවලට සෘජුව හෝ වක්‍රව මැදිහත්වීමට කිසිදු රාජ්‍යයකට හෝ රාජ්‍යයන්ට අයිතියක් නොමැත. ඇමරිකානු පාර්ශ්වය විසින් ඉදිරිපත් කරන ලද ඊනියා "සම්බාධක" ඉවතලන කඩදාසි කැබැල්ලක් වන අතර එය ජාත්‍යන්තර නීතිය සහ ජාත්‍යන්තර සබඳතාවල මූලික සම්මතයන් උල්ලංඝනය කරයි.

චීනයේ ස්වෛරීභාවය, ආරක්ෂාව සහ සංවර්ධන අවශ්‍යතා ආරක්ෂා කිරීමේ දැඩි අධිෂ්ඨානය වරදවා වටහා නොගන්නා ලෙසත්, හොංකොං කටයුතු ඇතුළු චීනයේ අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් වීම වහාම නතර කරන ලෙසත් චීන රජය නැවත වරක් ඇමරිකා දේශපාලනඥයින්ගෙන් ඉල්ලා සිටී.

ගුවන් විදුලිය
20240503සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන