දිනෙන් දින වර්ණවත් වන,ගුවන් චෞ නගරයේ Yongqingfang ප්‍රදේශය
2020-06-28 13:51:16
Share with:

චීනයේ නාගරීකරණය අඛණ්ඩව වර්ධනය වීමත් සමඟ පැරණි නගර බොහෝමයක් නව නගර බවට පත් කෙරුණා.එහෙත් නාගරීකරණ ක්‍රියාදාමයෙදී පැරණි නගර හා අලුතින් ඉදි කෙරුණු නගර අතර ආර්ථික හා සංස්කෘතික සංවර්ධන මට්ටම අසමබර තත්ත්වයක පවතිනවා. නගරයේ පැරණි ඉතිහාසය හා සංස්කෘතිය සුරක්ෂිත කළ යුතු ආකාරය පිළිබඳව සමාජයේ අවධානයට ලක් වූණා.එම ගැටළුව විසඳා ගැනීම සඳහා ගුවන් චෞ නගරයේ Yongqingfang ප්‍රදේශය හොඳ ආදර්ශයක් ලබා දුන්නා. 

දිනෙන් දින වර්ණවත් වන,ගුවන් චෞ නගරයේ Yongqingfang ප්‍රදේශය

ගුවන් චෞ නගරයේ ලිවන් දිස්ත්‍රිකයේ පිහිටි Enning මාවත ඉදි කෙරුණේ 1931 වසරේ දීය .ගුවන් චෞ නගරයේ ලස්සනම පැරණි මාවතක් ලෙස එම මාවත සැලකුණා. එහෙත් එම මාවතේ පිහිටි වසර සියයකට වැඩි ඉතිහාසයක් සහිත ගොඩනැගිලි රැසක් අවදානම් ගොඩනැගිලි බවට පත් වූණා. ගුවන් චෞ නගරය, එම ප්‍රදේශය සඳහා  අලුත්වැඩියා ව්‍යපෘතියක් මෑත වසර කිහිපය තුළ ක්‍රියාත්මක කළා. වර්ග මීටර් 7000ක භූමි ප්‍රමාණයකින් සමන්විත එම ප්‍රදේශයේ, පැරණි ගොඩනැගිලි අලුත්වැඩියා කිරීම නිසා එය සංස්කෘතික හා නව්‍යකරණ කලාපයක් බවට පත්වෙලා තියෙනවා. එම පැරණි මාවතේ හෝටල්,ආපනශාලා,සාප්පු හා රඟහල් යනාදීය දැන් දැකිය හැකි වෙනවා.විවිධ කලා ප්‍රදර්ශන නරඹන්නත් පුළුවන්.සුවිශේෂී අත්කම් භාණ්ඩ මිළදී ගන්නත් පුළුවන්.එම ප්‍රදේශය ඉක්මනට ජනප්‍රිය වූණා.  

දිනෙන් දින වර්ණවත් වන,ගුවන් චෞ නගරයේ Yongqingfang ප්‍රදේශය

රජයේ සහය ඇතිව ව්‍යවසායන් හා සාමාන්‍ය පුරවැසියන් එක්ව එම ව්‍යපෘතියට සහභාගි වූණා.එම ප්‍රදේශය අලුත්වැඩිය කිරීමේදී පැරණි ගොඩනැගිලිවල ප්‍රධාන රාමු වෙනස් නොකර,අදාළ සංස්කෘතික ලක්ෂණ සුරක්ෂිත කරනු ලැබුණා.නගරයේ මුල් ගොඩනැගිලිවල දළ සටහන නොවෙනස්ව තබා ගන්න තිබෙනවා.අලුත්වැඩියා කරනු ලැබූ  ‍එම ප්‍රදේශය බොහෝ තරුණයන්ගේ සිත් ගන්නට සමත්  වුණා. ඒ පමණක් නොව එහි ජීවත්වෙන පුරවැසියන්ටත් පෙරට වඩා යහපත් ජීවන පරිසරයක් හා පහසුකමක් ලැබූණා.

දිනෙන් දින වර්ණවත් වන,ගුවන් චෞ නගරයේ Yongqingfang ප්‍රදේශය

දිනෙන් දින වර්ණවත් වන,ගුවන් චෞ නගරයේ Yongqingfang ප්‍රදේශය

දිනෙන් දින වර්ණවත් වන,ගුවන් චෞ නගරයේ Yongqingfang ප්‍රදේශය

දිනෙන් දින වර්ණවත් වන,ගුවන් චෞ නගරයේ Yongqingfang ප්‍රදේශය


ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන