වසංගතයට එරෙහිව සටන් කරන දකුණු ආසියානු රටවල් අතර ශ්‍රී ලංකාව පමණක් සාර්ථකත්වයක් අත්කර ගෙන ඇත්තේ ඇයි?
2020-06-16 09:29:33
Share with:

වසංගතයට එරෙහිව සටන් කරන දකුණු ආසියානු රටවල් අතර ශ්‍රී ලංකාව පමණක් සාර්ථකත්වයක් අත්කර ගෙන ඇත්තේ ඇයි?

දකුණු ආසියාව යනු ලෝකයේ වඩාත්ම ජනාකීර්ණ ප්‍රදේශයක්. එහි විශාල ජනගහනය සහ පසුගාමී වෛද්‍ය හා යටිතල පහසුකම් නිසා මෙම කලාපයේ කොරොනා වසංගතය ව්‍යාප්ත වීමෙන් පසු එය ලෝකයේ අවම ශුභවාදී වසංගත වැළැක්වීම් හා  පාලන ප්‍රදේශයක් බවට පත්ව තියෙනවා. දකුණු ආසියානු රටවල් සිය ක්‍රියාමාර්ග වේගවත්ව කර ඇතත්, වසංගතය පැතිරයාම මන්දගාමී වෙන්නේ නැහැ.

මේ වන විට, දකුණු ආසියාවේ විශාලතම රට වන ඉන්දියාවේ නව කොරොනා ආසාදිතයන් සංඛ්‍යාව ලක්ෂ 3.4ක් ඉක්මවා ඇති අතර මියගිය වූවන්ගේ සංඛ්‍යාව 9900කට අධිකයි. පාකිස්ථානයේ සහ බංග්ලාදේශයේ කොරොනා රෝගීන් සංඛ්‍යාව පිළිවෙළින් ලක්ෂ 1.4ක් සහ 90දහසක් ඉක්මවා තියෙනවා. නේපාලයේ එම සංඛ්‍යාව 6200 ඉක්මවා ගොස් තියෙනවා.

විශේෂත්වයක් වන්නේ ශ්‍රී ලංකාව පමණයි. 15වැනිදා දක්වා ශ්‍රී ලංකාවේ කොරොනා ආසාදිතයන් සංඛ්‍යාව 1901ක්. ඉහළ සුව කිරීමේ අනුපාතය සහ අඩු මරණ අනුපාතය ශ්‍රී ලංකාවේ පෙන්නුම් කෙරෙනවා.

දකුණු ආසියාවේ පිහිටි මෙම රටවල වසංගත වැළැක්වීමේ ප්‍රතිඵල මෙතරම් විශාල වෙනසක් ඇත්තේ ඇයි?

පළමුවෙන්ම, ලෝක බැංකුව විසින් ප්‍රකාශයට පත් කරන ලද ‘ලෝක සංවර්ධන දර්ශකයට’අනුව, දකුණු ආසියානු රටවල් අතර තිරස් සංසන්දනය කිරීමේදී, ශ්‍රී ලංකාව සාපේක්ෂව ධනවත්ම රට වන අතර සෞඛ්‍ය සේවා සඳහා රජයේ වියදම ඉතා විශාලයි. එමගින් ශ්‍රී ලංකාවේ මූලික වෛද්‍ය පහසුකම් අනෙක් රටවලට වඩා බෙහෙවින් යහපත්.

වසංගතයට ප්‍රතිචාර දැක්වීමට දකුණු ආසියානු විවිධ රටවල රජයන් පියවර ගෙන තිබෙනවා. අනෙකුත් රටවල් හා සසඳන විට ශ්‍රී ලංකා රජය වසංගතය පැතිරයාම වැළැක්වීමට තීරණාත්මක හා කාලෝචිත පියවර ගෙන තිබෙනවා.

ඊට අමතරව, බෝවන රෝග වල වසංගතය සමඟ කටයුතු කිරීම සඳහා වැදගත්ම පියවර වන්නේ රෝග පරීක්ෂා කිරීම තුළින් රෝග හඳුනා ගැනීම සහ රෝගීන්ගේ සමීප සම්බන්ධතා සොයා ගෙන නිරෝධායනය කිරීමයි. දකුණු ආසියාවේ වෛරස් පරීක්ෂණ සංඛ්‍යාව සාපේක්ෂව අඩුයි. දකුණු ආසියානු රටවල් අතර වැඩිම පරීක්ෂණ අනුපාතය ශ්‍රී ලංකාව සතුව තිබෙනවා. පසුගිය මැයි මස 8 වැනිදාට පසු ශ්‍රී ලංකාව දිනකට පරීක්ෂණ සංඛ්‍යාව 1000 සිට 2000 දක්වා පවත්වා ගෙන යනවා.

ශ්‍රී ලංකාව වසංගතය වැළැක්වීමේ කටයුතු සහ ලබා ගෙන ඇති ජයග්‍රහණ දකුණු ආසියාවේ කැපී පෙනීම අහම්බයක් නෙමෙයි. මේ සියල්ල ශ්‍රී ලංකාව වෛද්‍ය යටිතල පහසුකම් පිළිබඳ දීර්ඝ කාලීනව අවධානය යොමු කිරීම සහ වසංගතයට එරෙහි සටනේදී චීනයේ අත්දැකීම් සක්‍රීයව ඉගෙනීම යන කරුණු වලින් වෙන් කළ නොහැකියි. ගෝලීය කොරොනා වසංගතය පැතිරයාමේ පසුබිම යටතේ චීනයේ ක්‍රමවේද හා වසංගත මර්දන අත්දැකීම් ශ්‍රී ලංකාව ඇතුළු ලෝකයේ විවිධ රටවලට ආදර්ශයක් වන බව ශ්‍රී ලංකා සෞඛ්‍ය අමාත්‍යවරිය ප්‍රකාශ කර තිබෙනවා.

වසංගතයට එරෙහිව සටන් කරන දකුණු ආසියානු රටවල් අතර ශ්‍රී ලංකාව පමණක් සාර්ථකත්වයක් අත්කර ගෙන ඇත්තේ ඇයි?


ගුවන් විදුලිය
20240422සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන