චීන ජනාධිපති ෂී ජින් පිං මහතා චීනයේ Ning Xia Hui ස්වායත්තයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වෙයි
2020-06-09 10:42:21
Share with:

චීන ජනාධිපති ෂී ජින් පිං මහතා චීනයේ Ning Xia Hui ස්වායත්තයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වෙයි.

චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ මහ ලේකම්, ජනාධිපති ෂී ජින් පිං මහතා ඊයේ(08) Ning Xia Hui ස්වායත්තයේ නිරීක්ෂණ චාරිකාවකට එක්විය. එහි Wu Zhong නගරයේ Hong De ගම්මානය, එම නගරයේ පිහිටි කහ ගංගාවේ නාගරික කොටස සහ Jin Xing උප නගරයේ Jin Hua Yuan ප්‍රජාව ජනාධිපතිවරයා‍ ගේ නිරීක්ෂණයට ලක්ව තිබේ. එහිදී දිළිඳු බව තුරන් කිරීම, මෙන්ම කහ ගංගා ජෛව සංරක්ෂණය කෙරෙහි ෂී ජින් පිං මහතා දැඩි අවධානය යොමු කළේ ය.

හෙතෙම ප්‍රථමයෙන් නිරීක්ෂණ කළ Hong De ගම්මානයේ වෙසෙන ගම්වාසීන් බරපතල දිළිඳු ප්‍රදේශයක් වන Ning Xia Hui ස්වායත්තයේ Xi Hai Gu ප්‍රදේශයෙන් පැමිණි පිරිසකි. එම ප්‍රදේශය එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් මානවයා ජීවත්වීමට නුසුදුසු ම ප්‍රදේශයක් ලෙස නම් කර තිබිණ. ගත වූ වසර 30කට වැඩි කාලයක් තුළ, මිලියනයකට වැඩි ජනගහනයක් එහි සිට වෙනත් ප්‍රදේශවල පදිංචි කර තිබේ. පසුගිය වසර දක්වා, Hong De ගම්මානයේ දිළිඳු අනුපාතය සියයට 0.78 දක්වා අවම වී ඇති අතර, එම ගම්මානය දරිද්‍රතාවයෙන් මුදවා ගැනීමට හැකිව ඇත.

පසුගිය මස නිමාව දුටු චීනයේ සැසිවාර දෙකෙන් පසු, ෂී ජින් පිං මහතා බෙයිජිං නගරයෙන් පිටත සිදු කළ ප්‍රථම නිරීක්ෂණ චාරිකාව මෙයයි.


ගුවන් විදුලිය
20240423අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන