පශ්චාත් වසංගත යුගයේ චීන ශ්‍රී ලංකා සහයෝගතාවෙන් දෙරටේ ආර්ථිකයට ප්‍රාණවත්භාවය එකතු කෙරේ...
2020-05-28 14:47:38
Share with:

ලෝක ආර්ථිකය වසංගතයෙන් දැඩි පහරට ලක් වූ වර්තමානයේ, ආර්ථිකය ‍පුනරුත්ථාපනය කරන්නේ කෙසේ ද යන්න, සෑම රට‍‍ක් ම පාහේ මුහුණ පාමින් සිටින ගැටළුවක්. මේ තත්ත්වය යටතේ, චීනය සහ ශ්‍රී ලංකාව අතර තිබෙන සම්බන්ධය දෙස බලන විට, අන්‍යෝන්‍ය සහයෝගීතාවයෙන් කටයුතු කළොත් දෙපාර්ශ්වයටම වාසි සහගත තත්ත්වයක් ඇති කර ගන්න පුළුවන්. ඈත අතීතයේ සිට ගොඩනැඟුණු මිත්‍රත්වය, පසුගිය දශක ගණනාවක් පුරා පැවති සාර්ථක සහයෝගතා වගේම, වසංගත කාලය තුළ රටවල් දෙක එකිනෙකාට දැක්වූ මාහැඟි සහාය තුළින් මේ පිළිබඳව අපිට වඩාත් පැහැදිලි වෙනවා.

නව කොරොනා වසංගතයෙන් ලෝකයේ තිබෙන සියළුම ව්‍යාපාරයන්ට බලපෑම් එල්ල වුණා. ඉන්ධන වෙළඳාම වගේම සංචාරක කර්මාන්තය, ක්‍රීඩාශ්‍රිත ව්‍යාපාර අඩපණ වී තිබෙනවා. වසංගත කාලය තුළ නැවතුණ සංචාරක කර්මාන්තය, වසංගතයෙන් පසුව යළි ආරම්භ කිරීමේ අවශ්‍යතාවක් තිබෙනවා. ඒ නිසා පශ්චාත් වසංගත යුගයේදී චීනයට විශාල හැකියාවක් තිබෙනවා, තමුන්ගේ සංචාරකයන් ශ්‍රීලංකාවට යොමු කරන්න. ඒ හේතුවෙන් සංචාරක කර්මාන්ත සංවර්ධනයේදී චීනයට අන්‍යෝන්‍ය වශයෙන් ශ්‍රී ලංකාවට සහයෝගය දක්වන්න පුළුවන්.

අනිත් එක, ශ්‍රීලංකාව නිෂ්පාදන ආර්ථිකයක්, ගැමි ආර්ථිකයක් ගොඩනගමින් සිටිනවා. ශ්‍රී ලංකාවේ පොල්කටු ඇතුළු භාණ්ඩ චීනයට අපනයනය කර තිබෙනවා. වසංගතයෙන් පසුව ද්විපාර්ශ්වීය වෙළඳ සබඳතාවය ශක්තිමත් කිරීම ද දෙරටේම ආර්ථික පුනර්ජීවනය කරලීමට වැදගත්. මේ වැනි සහයෝග තුළම අන්‍යෝන්‍ය සහපැවැත්ම ඇති කර ගත්තොත්, එක් තීරයක් එක් මාවතක් වැඩපිළිවෙළ තුළ ශ්‍රී ලංකාව ශක්තිමත් කිරීමට චීනයට දායක වෙන්න පුළුවන් බව පැහැදිලියි.

වසංගතය මර්දනය කිරීම තුළදීත්, ආර්ථික සංවර්ධනය කිරීම තුළදීත් සහයෝගතාවේ වැදගත්කම යළි යළිත් ලෝ වැසියන්ට අනාවරණය වී තිබෙනවා. ගෝලීයකරණයෙන් ඈත් වී හුදකලාව සිටීමට කැමති රටකට නම්, අනාගතයක් නොමැති බව ඉතිහාසයෙන් වගේම වර්තමානයේදීත් අපිට ඉගෙන ගන්නට ලැබී තිබෙනවා.

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන