චීනයේ "සැසි වාර දෙක" පැවැත්වීමේ මෙවර විශේෂත්වය
2020-05-24 20:58:51
Share with:

චීනයේ "සැසි වාර දෙක" පැවැත්වීමේ මෙවර විශේෂත්වය

නව කොරොනා නියුමෝනියා වසංගතයේ බලපෑම හේතුවෙන් කල් දැමූ චීනයේ "සැසි වාර දෙක" නිල වශයෙන් පසුගිය 21වැනිදා ආරම්භ වුනා. මෙහි නිරීක්ෂකයින් විශ්වාස කරන්නේ මෙය විශේෂ පසුබිමක් යටතේ විශේෂ කාර්යයන් සඳහා පවත්වන ලද සැසිවාර දෙකක් බවයි. විශේෂත්වය අවධාරණය කිරීමේ ප්‍රධාන හේතු හතරක් තිබෙනවා.

පළමුවැන්න, විශේෂ පසුබිමක්. දෙවන ලෝක යුද්ධයෙන් පසු බරපතලම හා අනපේක්ෂිත ගෝලීය මහජන සෞඛ්‍ය සිද්ධිය සිදු වීමේ විශේෂ පසුබිම යටතේ පැවැත්වෙන “සැසි වාර දෙක” මෙයයි. "සැසි වාර දෙක" පැවැත්වෙන්නේ දේශීය වසංගතය මුළුමනින්ම මැඩපවත්වා ඇමරිකානු හා බටහිර අපහාසයන්ට එරෙහි වීමට චීනය උපරිම උත්සාහයක් දැරීමේ පසුබිම යටතේයි. නව කොරොනා වසංගතය, පීඩනයට ඔරොත්තු දීමේ චීනයේ හැකියාව හා ජාතික පාලන හැකියාව පිළිබඳ පරීක්ෂණයක්.

දෙවැන්න, විශේෂ ලක්ෂණයක්. මේ වසර චීනයේ සුවපහසු සමාජය සම්පූර්ණයෙන් ගොඩනැගීමේ හා දුළිඳුකමෙන් මුදවා ගැනීමේ වැදගත්ම වසර මෙන්ම 13වැනි පස් අවුරුදු සැලැස්ම ක්‍රියාත්මක කිරීම අවසන් වීමේ වසරයි. වැදගත් ප්‍රතිපත්ති මාලාවක් ක්‍රියාත්මක කිරීමේ ප්‍රතිඵල මේ වසරේදී සාක්ෂාත් කරනු ඇති. එහෙයින් මේ වසරේ සැසි වාර දෙක ඉතා විශේෂ හා වැදගත් වනවා.

තුන්වැන්න, විශේෂ කාර්යභාරයයි. වත්මන් නව කොරොනා වසංගතය ලොව පුරා පැතිර යනවා. ලෝකයට තවමත් එහි බලපෑම් සිදු වෙමින් පවතිනවා. චීන ආර්ථිකය පෙර නොවූ විරූ අසීරුතාවන්ට හා අභියෝගයන්ට මුහුණ දෙනවා. සාමාන්‍යයෙන් වාර්ෂික සැසි වාර දෙකේදී මීළඟ වසරේ ආර්ථික හා සමාජ සංවර්ධනය පිළිබඳ විවිධ ක්ෂේත්‍රවල කටයුතු සැලසුම් කෙරෙනවා. ඒ නිසා මේ වසරේ සැසියේදී ඉදිරිපත් කර ඇති චීන රාජ්‍ය කාර්ය වාර්තාව ගෝලීය අවධානයට ලක් ව තිබෙනවා.

සිව්වැන්න, විශේෂ විශ්වාසයයි. මෙවර නව කොරොනා වසංගතය මර්දනය කිරීමෙන් චීන ජනතාව එම සටනෙන් විශ්වාසය ලබා ගෙන තිබෙනවා. ඒ චීන කොමියුනිස්ට් පක්ෂය කෙරෙහි විශ්වාසයයි. ඒ චීන ක්‍රමවේදය කෙරෙහි විශ්වාසයයි. ඒ වගේම චීන පාලන හැකියාව කෙරෙහි විශ්වාසයයි. විශේෂයෙන්ම ගෝලීය සහයෝගීතාව කෙරෙහි විශ්වාසයයි.

ගුවන් විදුලිය
20241120බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන