අර්බුද හමුවේ ශ්‍රී ලංකාවත් චීනයත් ආර්ථිකය රැක ගැනීමේ එකම අරමුණක
2020-04-24 16:14:05
Share with:

#විමසුම#ගෝලීය වශයෙනුත් ශ්‍රීලංකාවේත් වසංගත තත්ත්වයක් පැවතියද, මෑත කාලයේ ශ්‍රීලංකාව පිළිබඳව උත්තේජන පුවත් කිහිපයක් වාර්තා වී තිබෙනවා. සංචාරක කර්මාන්තය නඟා සිටුවීමට පස් අවුරුදු ගෝලීය ප්‍රවර්ධන වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට ශ්‍රීලංකාව සූදානම් වීම ඉන් වැඩි අවධානය දිනන එකක්.

ශ්‍රී ලංකාවේ ආර්ථිකයට සැලකිය හැකි දායකත්වයක් ලබා දෙන සංචාරක කර්මාන්තය, පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසුව බැරෑරුම් බලපෑමකට ලක් වුණා. පසුව සිදු වූ කොරොනා වසංගතය රටේ සංචාරක කර්මාන්තයට නම්, ගින්නට පිදුරු දානවා සේය. මේ තත්ත්වය මධ්‍යයේ ශ්‍රී ලංකා රජය විශේෂයෙන් සංචාරක කර්මාන්තය පිළිබඳ පස් අවුරුදු සංවර්ධන වැඩසටහනක් එළිදැක්වීම රට වැසියන්ට හෝ වේවා ලෝක සංචාරක ක්ෂේත්‍රයට හෝ වේවා උත්තේජන ආරංචියක් කියා කිව්වොත් නිවැරදියි.

එමෙන්ම දිවයින පුරා නිදහස් වෙළෙඳ කලාපයන්හි කර්මාන්ත ශාලා 217 ක් යළි විවෘත වූ බව ද වාර්තා වෙනවා. රජයේ නිර්දේශ මත සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් සේවකයින් තිස් දහසක් පමණ කර්මාන්ත ශාලාවලට ආපසු පැමිණ යළි රැකියාවලට එක් වී සිටිනවා. වසංගතයේ බලපෑම්වලින් රට බේරා ගැනීම හා රැකියා නියුක්තියෙන් ජන ජීවිතය යහපත් කරලීමේ අරමුණෙන් යුක්තව මෙය අසීරු අවස්ථාවේදී රටට ප්‍රාණවත්භාවයක් එකතු කළ හැකි පියවරක් ලෙසට නිසැකවම සැලකිය හැකියි.

පසුගිය දිනවල ශ්‍රී ලංකාව ගැන සාර්වශුබවාදීම පුවත, ආර්ථික පුනර්ජීවනය හා දරිද්‍රතාව තුරන් කිරීම සඳහා ජනාධිපති කාර්ය සාධක බලකායක් ස්ථාපනය කිරීම බව පෙන්වා දිය යුතුයි. ලොව පුරා ව්‍යාප්ත කොරොනා වසංගතය හමුවේ ශ්‍රී ලංකාවේ උද්ගත ආර්ථික හා සමාජයීය අභියෝග සහ ඉඩ ප්‍රස්ථා කෙරෙහි සුවිශේෂ අවධානය යොමු කරමින් ආර්ථික පුනර්ජීවනය සැලසීමේ සහ දරිද්‍රතාවය තුරන් කිරීමේ වගකීම එම කාර්ය සාධක බලකායට පැවරී තිබෙනවා.

වසංගතයට මුහුණ දී සිටිය ද එය පාලනය කිරීමට දැඩි ක්‍රියාමාර්ග අනුගමනය කරමින් ආර්ථික පුනරුත්ථාපනය කිරීම සඳහා පූර්ණ සංයෝගාත්මක සැලසුම් මාලාවක් එළිදක්වා ක්‍රියාත්මක කිරීම තුළින් ශ්‍රී ලංකාව සතු නම්‍යශීලිත්වය පැහැදිලිය. මෙම වස‍ර තුළදී චීනයත් අභියෝගාත්මක මෙහෙවරක් සම්පූර්ණ කිරීමට අපේක්ෂා කරනවා. ඒ, දරිද්‍රතාව මුළුමනින් රටෙන් නිදහස් කිරීමය. රජයන්හි හා නායකත්වයේ නිවැරදි මෙහෙයවීම යටතේ ශ්‍රී ලංකාවට ද චීනයට ද වසංගතයෙන් වන බලපෑම්වලින් බේරී සිය ආර්ථික හා දිළිඳුකම තුරන් කිරීමේ ඉලක්කයන් සාක්ෂාත් කර ගැනීමට හැකි වෙතැයි අපි විශ්වාස කරමු.

ගුවන් විදුලිය
20240416අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන