නව කොරොනා වෛරස් වසංගතය මතු වීමෙන් පසු ජනතාවගේ අන්තර් ජාල භාවිතය ඉහළ යයි
2020-04-14 15:58:17
Share with:

නව කොරොනා වෛරස් වසංගතය මතු වීමෙන් පසු ජනතාව පිටතට යන වාර ගණන සීමා කිරීම වෛරස් ආසාදන අවදානම වැළැක්වීමට ඉතා වැදගත් ක්‍රමයක්. එම තත්ත්වය යටතේ පාසල් සිසුන් සඳහා අධ්‍යාපන ලබා දීම,ව්‍යවසායන්හි නිෂ්පාදන කටයුතු යළි ආරම්භ කිරීම,ආහාර පාන සහ වෛද්‍ය සේවා ආදි ජීවිතයේ විවිධ අවශ්‍යතාවන්, අන්තර් ජාලයෙන් සපයා ගැනීමට චීන ජනතාව යොමු වෙලා තිබෙනවා.

මධ්‍යම හා ප්‍රාථමික පාසල් සඳහා වන, චීන ජාතික අන්තර් ජාල වේදිකාව, පසුගිය 17 වැනිදා නිල වශයෙන් විවෘත කෙරුණා. එම වේදිකාව හරහා ජාතික හා පළාත් මට්ටමේ පාසල් වලට ඉහළ ගුණත්මකභාවයෙන් යුතු අධ්‍යාපන පහසුකම් ලබා ගන්න පුළුවන්.

එදිනෙදා ජීවිත අවශ්‍යතාවන් අන්තර් ජාලයෙන් සැපයීම ජනප්‍රිය වෙමින් තිබෙනවා. යන් මහතා බෙයිජිං නගරයේ හූචිආ නම් නිවාස සංකීර්ණයක ජීවත්වන සාමාන්‍ය පුරවැසියෙක්. වසංගතය නිසා වෙනත් අය හා සම්බන්ධවීම සීමා වීම නිසා ඔහු මේ දිනවල අන්තර් ජාලයෙන් එළවළු, පලතුරු සහ ආහාර පාන මිළදීගත්තා. භාණ්ඩ බෙදා දීමේ සේවකයන් සමඟ මුණගැසීමේ සම්බන්ධතාවක් නොමැති හෙයින් අන්‍යෝන්‍ය වශයෙන් අවදානම අඩු වූ බව, හෙතෙම විශ්වාස කරනවා.

අන්තර් ජාලයෙන් ලබා ගත හැකි සේවාවන් වැඩි වීමත් සමග, චීන ජනතාව වැඩි වැඩියෙන් අන්තර් ජාලය භාවිත කරනවා. අදාළ දතු වලට අනුව,පසුගිය ජනවාරි මස 27 වනදා සිට, චීනයේ ජනප්‍රිය මුදල් ගනුදෙනු මෘදුකංග Alipay හරහා, සේවා වර්ග 48ක් ලබා ගත් පුද්ගල වාර ගණන මිලියන 600ක්. වසංගත තත්ත්වය විමසා බැලීම,අන්තර් ජාලයෙන් වෛද්‍ය සේවා ලබා ගැනීම,ආහාර පාන ඖෂධ මිලදී ගැනීම, අදාළ වසංගත පාලන ආයතන වලට සෞඛ්‍ය තත්ත්වය ප්‍රකාශ කිරීම,සංචාරක ගමන් වෙනස් කිරීම සහ වෛරස ආසාදනය වූපුද්ගලයන් හා සමීපව විමසා බැලීම පිළිබඳ සේවාවන්, ඊට ඇතුළත් වනවා.

නව කොරොනා වෛරස් වසංගතය මතු වීමෙන් පසු ජනතාවගේ අන්තර් ජාල භාවිතය ඉහළ යයි

නව කොරොනා වෛරස් වසංගතය මතු වීමෙන් පසු ජනතාවගේ අන්තර් ජාල භාවිතය ඉහළ යයි

නව කොරොනා වෛරස් වසංගතය මතු වීමෙන් පසු ජනතාවගේ අන්තර් ජාල භාවිතය ඉහළ යයි

නව කොරොනා වෛරස් වසංගතය මතු වීමෙන් පසු ජනතාවගේ අන්තර් ජාල භාවිතය ඉහළ යයි

නව කොරොනා වෛරස් වසංගතය මතු වීමෙන් පසු ජනතාවගේ අන්තර් ජාල භාවිතය ඉහළ යයි

නව කොරොනා වෛරස් වසංගතය මතු වීමෙන් පසු ජනතාවගේ අන්තර් ජාල භාවිතය ඉහළ යයි



ගුවන් විදුලිය
20241017බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන