චීනය ශ්වසන ආධාරක ලොව සෙසු රටවලට බහුලව සපයයි
2020-04-03 15:12:20
Share with:

නව කොරොනා නියුමෝනියාව ශ්වසන පද්ධතියට හානි කරන රෝගයක්. එය මාරාන්තික රෝගයක් බැවින් ශ්වසන ආධාරකය එම රෝගීන්ට ප්‍රතිකාර කිරීමේදී ඉතා වැදගත් උපකරණයක් වී තිබෙනවා. නව කොරොනා වසංගතයේ පැතිරීමත් සමගම ශ්වසන ආධාරකය සඳහා ගෝලීය වශයෙන් විශාල අවශ්‍යතාවක් මතු වී තිබෙනවා. එම අවශ්‍යතාව සපුරාලීම සඳහා චීන ව්‍යාපාර ඉමහත් ශක්තියක් යොදා ගෙන ඇති බව වාර්තා වෙනවා.

චීනයේ ‘ඉන්වේසිව් වර්ගයේ’ ශ්වසන ආධාරක නිෂ්පාදන ව්‍යාපාර 21ක් තිබෙනවා. ඉන් අටක නිෂ්පාදිතයන්ට යුරෝපා සංගම් සහතික පත්‍රය වන සී.ඊ. පත්‍රය හිමියි. ඔවුන්ගේ නිෂ්පාදන ධාරිතාව මුළු ලෝකයේ නිෂ්පාදනයෙන් සියයට 20ක් පමණ ගන්නවා. මාර්තු මස 19 වන දා සිට 30 වැනිදා දක්වා චීනය පිටරටවලට ‘ඉන්වේසිව් වර්ගයේ’ ශ්වසන ආධාරක 1700ක් පමණ සපයා දී තිබුණා. එය චීනයේ මෙම වසරේ‍ මේ වන විට සමස්ත නිෂ්පාදන ප්‍රමාණයෙන් අඩක්.

කොරොනා වසංගතය සිදු වීමෙන් පසුව බොහෝ නිෂ්පාදන කටයුතු අත්හිටුවීමට සිදු වුවද වෛද්‍ය භාණ්ඩ හා උපකරණ නිෂ්පාදන ව්‍යාපාරවල නිෂ්පාදනය ශක්තිමත් කිරීමට චීන රජය උපදෙස් දුන්නා. අමුද්‍රව්‍ය හා කොටස් හිඟවීම, භාණ්ඩ ප්‍රවාහනයේ අපහසුතාව යනාදී ගැටළු විසඳා ගැනීමට රජය සහාය දැක්වූවා. වසංගතය ගෝලීය වශයෙන් පැතිර යමින් පවතිද්දී එම ව්‍යාපාර පෙරට වඩා වැඩි ශක්තියෙන් නිෂ්පාදන කටයුතුවල නිරත වී තිබෙනවා.

ශ්වසන ආධාරක උපකරණයක කොටස් දස දහසක් තිබෙනවා. ප්‍රධානම කොටස්වල නිෂ්පාදිත ව්‍යාපාර දෙස් විදෙස් ව පිහිටා තිබෙනවා. වසංගතය ගෝලීය ව පවතිද්දී එහි නිෂ්පාදනය ශක්තිමත් කිරීම නම් ‍ලේසි කාර්යයක් නෙවෙයි. චීන කාර්මික හා තොරතුරු අමාත්‍යංශය පසුගියදා විශේෂයෙන්ම චීනයේ ශ්වසන ආධාරක නිෂ්පාදන හැකියාව ඉහල නංවාලීම තේමා කර ගන්නා වීඩියෝ සමුළුවක් පැවැත්වූවා. ශ්වසන ආධාරක වැඩියෙන් සෙසු රටවලට සපයාදීමෙන් වසංගතයේ ගෝලීය පාලනයට දායක වීමට චීනය බලාපොරොත්තු වෙනවා.

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන