ජනතාවගේ ජීවිතවල සුරක්ෂිතතාවයට මුල් තැන දෙමින්, නව කොරොනා වසංගතය වැළැක්වීම සඳහා ශ්‍රී ලංකා රජයෙන් විද්‍යාත්මක හා ඵලදායී පියවර රැසක්
2020-03-20 20:01:28
Share with:

ජනතාවගේ ජීවිතවල සුරක්ෂිතතාවයට මුල් තැන දෙමින්, නව කොරොනා වසංගතය වැළැක්වීම සඳහා ශ්‍රී ලංකා රජයෙන් විද්‍යාත්මක හා ඵලදායී පියවර රැසක්

කොරොනා වෛරස් වසංගතය වැළැක්වීම හා පාලනය කිරීම සඳහා ශ්‍රී ලංකා රජය විද්‍යාත්මක හා ඵලදායී පියවර ඉක්මනින් ක්‍රියාත්මක කොට තිබෙනවා. ජනතාවගේ ජීවිතවල සුරක්ෂිතතාවයට හා සෞඛ්‍යයට මුල් තැන දෙමින්, වසංගතය මැඩපැවැත්වීමට ශ්‍රී ලංකාව දැඩි ලෙස කැප වෙමින් සිටිනවා.

ඉරානය, ඉතාලිය සහ දකුණු කොරියාවෙන් මගීන් ගෙන්වා නොගන්නා ලෙස, ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය සියළුම ගුවන් සමාගම්වලට දැනුම් දී තිබෙනවා. එමෙන්ම, කොරොනා වෛරසය පිළිබඳ වෛද්‍ය පරීක්ෂණ සිදු කර ගැනීම සඳහා රජයේ රෝහල් 15ක් නිර්දේශ කර ඇති අතර, වසංගතය ව්‍යාප්තවීම වැළැක්වීමේ අරමුණෙන් දිවයින පුරා නිරෝධායන මධ්‍යස්ථාන 12ක් ස්ථාපිත කර තිබෙනවා. පසුගිය 18වැනිදා සිට මාර්තු 31 දක්වා කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළට ගුවන් යානා ගොඩ බැස්සවීම අත්හිටුවා තිබෙනවා. ශ්‍රී ලංකාවේ පොදු ප්‍රවාහන සේවා විෂබීජහරණයට ලක් කිරීම, ක්‍රියාත්මක කෙරෙනවා.

වසංගතයට මුහුණ දීම පිළිබඳ සමුළුවකට, ශ්‍රී ලංකා ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍යවරයා හා සෞඛ්‍ය අමාත්‍යංශ නිලධාරින් පසුගියදා එක් වූණා. චීනය, නව කොරොනා වසංගතය ඉහළින් වැදගත් කොට සලකා, ඵලදායී විධිවිධාන ක්‍රියාත්මක කිරීමෙන්, වසංගතය සාර්ථකව පාලනය කර ඇති බව, එම සමුළුවේ දී සඳහන් වුණා. චීනයේ ඵලදායී පියවර පිළිබඳව පර්යේෂණාත්මකව අධ්‍යයනය කරන බව සමුළුව යෝජනා කළා.

ශ්‍රී ලංකාවේ වත්මන් මූල්‍ය තත්ත්වය සහ කොරොනා වෛරස් පාලන ක්‍රියාමාර්ග මත ශ්‍රී ලංකා රජය චීනයෙන් ඩොලර් මිලියන 500ක හදිසි මූල්‍යාධාරයක් ලබා ගෙන තිබෙනවා. අදාළ ගිවිසුමට පසුගිය 18වැනිදා අත්සන් කෙරුණා. ශ්‍රී ලංකා මුදල් අමාත්‍යංශය හා චීන ජාතික සංවර්ධන බැංකුව එම ගිවිසුමට අත්සන් තැබුවා. කොරොනා වෛරස් වසංගතයට එරෙහිව සටන් කිරීමට එමගින් සහාය ලැබෙනවා.

ශ්‍රී ලංකා රජයේ ඉහළ වගකීම් සහගත ක්‍රියාමාර්ග ප්‍රශංසනීය බව පැවසිය හැකියි.

ශ්‍රී ලංකා රජය හා ජනතාව වෙත අපි අවංකව ම සුභ ප්‍රාර්ථනා කරනවා. ඉහළ වගකීම් සහගත රජයේ නායකත්වය යටතේ ශ්‍රී ලංකාව ඵලදායී ලෙස වසංගතය මැඩපවත්වනු ඇතැයි, අප විශ්වාස කරනවා.

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන