ශ්‍රී ලංකාවේ යටිතල පහසුකම් සංවර්ධනය සහතික කිරීමට චීන ශ්‍රී ලාංකික සේවකයින් අත්වැල් බඳිමින් ඉදිරියට...
2020-03-04 15:28:00
Share with:

#විමසුම#එක් තීරයක් එක් මාවතක් වැඩපිළිවෙළ යටතේ චීනය හා ශ්‍රී ලංකාව යටිතල පහසුකම් සංවර්ධනය පිළිබඳ සහයෝගිතා ව්‍යාපෘති රැසක් ක්‍රියාත්මක කරමින් සිටිනවා. වසර 2020ට පිවිසීමෙන් පසු ගෝලීය වශයෙන් පැතිර ගිය කොරොනා වසංගතයෙන් එම සහයෝගතාවන්ට බලපෑම් එල්ල වුණා ද? මෑතකදී වාර්තා වූ පුවත් කිහිපයකින් මේ ප්‍රශ්නයට ස්ථිර පිළිතුරක් සලසා දුන්නා.

චීනයේ CRRC Sifang දුම්රිය යන්ත්‍ර හා මැදිරි පීලි රිය සමාගම ශ්‍රී ලංකාවට අපනයනය කරන අවසාන තොගයේ ඩීසල් බහුපද්ධති දුම්රිය ඒකකවල ප්‍රවාහනය පසුගිය 3 වැනිදා චීනයේ ඡිංදාඕ වරායේ ආරම්භ කෙරුණා. එම සමාගම භාර ගත්ත ශ්‍රී ලංකාවේ එස්.14 ඩීසල් බහුපද්ධති දුම්රිය ඒකක ඇණවුම නිශ්චිත කාලයට පෙර සම්පූර්ණ කර ඇතැයි ඉන් සංකේතවත් වෙනවා. එම දුම්රිය නිෂ්පාදිත, සුන්දරම දුම්රිය මාර්ග ඇති ශ්‍රී ලංකාවේ කඳුකර ප්‍රදේශයේ භාවිතයට ගෙන ශ්‍රී ලාංකික ජනතාව හා විදේශීය සංචාරකයන් වෙත සේවා සැපයීමට අපේක්ෂා කරනවා.

ශ්‍රී ලංකාවේ යටිතල පහසුකම් සංවර්ධනය සහතික කිරීමට චීන ශ්‍රී ලාංකික සේවකයින් අත්වැල් බඳිමින් ඉදිරියට...

කොරොනා වසංගතය හමුවේ වුවද චීනයේ CRRC Sifang සමාගම ශ්‍රී ලංකාවෙන් ලද ඇණවුම් පත්‍රය සම්පූර්ණය කිරීමට උද්‍යෝගිවත්ව ක්‍රියා කර සිටියා. නියමිත කාලයට පෙර ඇණවුම අවසන් කිරීම ඉලක්ක කොට ගෙන එම සමාගම වසංගත පාලන විධිවිධාන දැඩි ලෙස ක්‍රියාත්මක කරමින් අමුද්‍රව්‍ය මිලට ගැනීම්, නිෂ්පාදනය, ප්‍රවාහනය කිරීම, නිෂ්පාදිත පරීක්ෂණය යනාදී සියළු ක්‍රියාදාම සිදු කළේ නියමිත වැඩසටහන් කාලයටත් පෙරයි. අවසානයේ මෙම තොගයේ ඩීසල් බහුපද්ධති දුම්රිය ඒකක ශ්‍රී ලංකාව වෙත ප්‍රවාහනය කිරීම නිශ්චිත කාලයට පෙර මාස දෙකකින් කල් ඇතිව ආරම්භ කිරීමට චීන සමාගමට හැකි වී තිබෙනවා.

පසුගිය පෙබරවාරි අගදී ශ්‍රී ලංකාව හා චීනය අතර පවත්නා සහයෝගතාවන්හි තවත් වැදගත් ජයග්‍රහණයක් දක්නට ලැබුණා. ඒ කොළඹ සිට හම්බන්තොට දක්වා වන දක්ෂිණ අධිවේගී මාර්ගයේ දිගුව විවෘත කිරීමයි. එමගින් ශ්‍රී ලංකාවේ විශාලතම වරාය දෙක අතර හා ගුවන් තොටුපල දෙක අතර ගමන් කාලය පැය 4ක් 5ක සිට පැය දෙකක් දක්වා අඩු වී තිබෙනවා. රටේ ගමනාගමන ජාලයේ ප්‍රධාන ම කොටසක් ලෙසට පොදුවේ සැලකෙන එම මාර්ගය මගින් ශ්‍රී ලංකාවේ ප්‍රවාහන ව්‍යාපාරය හා සංචාරක කර්මාන්තයට එකතු කෙරෙන වාසි අසීමිතයි.

දක්ෂිණ අධිවේගී මාර්ගයේ දිගුවේ ඉදි කිරීම්වල අවසාන එවගේම වැදගත්ම අදියර සම්පූර්ණ කරනු ලැබුවේ අනපේක්ෂිතව වාර්තා වූ කොරොනා වසංගත තත්ත්වය යටතේ. නියමිත කාලයට එම ව්‍යාපෘතිය අවසන් කළ හැකි ද නැද්ද යන්න එහි චීන ඉදි කිරීම් සමාගමක ශ්‍රී ලංකා ශාඛාවේ ශ්‍රී ලාංකික ප්‍රධානීන්ගේ කණස්සල්ලක් වුණා. එහෙත් චීන සමාගම අධික කාර්යක්ෂමතාවෙන් යුතුව වසංගත පාලන විධිවිධාන ක්‍රියාත්මක කිරීම ආරම්භ කළ නිසා ඔවුන්ගේ කණස්සල්ල, කෙටි කලකින් විශ්වාසය බවට පත් වුණා. වෛරසය හා රෝගය ගැන දැනුම් පෝස්ටර ඉදිකිරීම් පරිශ්‍රයේ තැන් තැන්වල ප්‍රදර්ශනය කෙරුණා. ශ්‍රී ලංකා පොදු සනීපාරක්ෂක අංශවල වසංගත පාලන සේවකයින්ට අදාළ දැනුම් ප්‍රචලිත කිරීමට ආරාධනා කළා. කාර්යාල පරිශ්‍රය හා කාර්යාල මෝටර් රථ කෙරේ නිරන්තරව විෂබීජ නාශක විධිවිධාන යොදා ගන්නවා. සියළු සේවකයින්ට මුඛ ආවරණ පළඳන්න ඉල්ලුවා. චීනයෙන් ලංකාවට ආපසු පැමිණි සේවකයින් නිරෝධායනයට ලක් කෙරෙනවා. දිනකට දෙවරක් සියළු සේවකයින්ගේ උෂ්ණත්වය පරීක්ෂා කරන අතර පොදු ස්ථානවලට යාමට තහනම් කළා. මෙවන් දැඩි විධිවිධාන මගින් සමස්ත සේවකයින්ගේ සෞඛ්‍ය ආරක්ෂාව සහතික කර ඇති අතර, ව්‍යාපෘතිය ද නියමිත වැඩසටහනට අවසන් කිරීමට හැකි වී තිබෙනවා.

චීන සමාගම ගත්ත ඵලදායික පියවර පිළිබඳව ශ්‍රී ලංකා මහ මාර්ග අධිකාරියේ ඉහල පැසසුමට ලක් වුණා. වසංගතයෙන් ව්‍යාපෘතියට ගෙනෙන බලපෑම් අවම කිරීමට චීන සමාගමට හැකි වූ බවත් සමස්ත චීන ශ්‍රී ලාංකික සේවකයින්ගේ උපරිම වගකියන ජීවගුණයෙන් දක්ෂිණ අධිවේගී මාර්ගයේ ඉදි කිරීම් අවසන් වූ බවත් ශ්‍රී ලංකා මහ මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරියෙක් ප්‍රකාශ කර තිබෙනවා.

ශ්‍රී ලංකාවේ යටිතල පහසුකම් සංවර්ධනය සහතික කිරීමට චීන ශ්‍රී ලාංකික සේවකයින් අත්වැල් බඳිමින් ඉදිරියට...


ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන