චීන - ශ්‍රී ලංකා දෙරට අතර ගැඹුරු මිත්‍රත්වය ‍පෙන්නුම් කළ තවත් අවස්ථාවක්
2020-02-24 15:26:19
Share with:

චීන - ශ්‍රී ලංකා දෙරට අතර ගැඹුරු මිත්‍රත්වය ‍පෙන්නුම් කළ තවත් අවස්ථාවක්

නව කොරොනා වෛරසය ආසාදනය වී ශ්‍රී ලංකාවේ ජාතික බෝවන රෝග විද්‍යායතනයේ ප්‍රතිකාර ලබා සම්පූර්ණයෙන්ම සුවය ලැබූ චීන ජාතික කාන්තාව පසුගිය 19වැනිදා එම රෝහලෙන් පිටව ගියා.

ශ්‍රී ලංකාවෙන් හමුවූ කොරොනා වෛරසය ආසාදනය වූ පළමු රෝගියා වූයේ ඇයයි. එම චීන ජාතික කාන්තාව රෝහලෙන් පිටව යාමට සූදානම්ව සිටි අවස්ථාවට ශ්‍රී ලංකා සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ද එක්ව සිටියා.

එහිදී එම චීන ජාතික කාන්තාව මාධ්‍ය වෙත අදහස් දක්වමින් මෙරට වෛද්‍යවරුන් සිදු කළ විශිෂ්ඨ මෙන්ම කාරුණික සේවාවට විශේෂ ස්තූතිය පුද කර සිටියා.

දින 26ක් පුරා වෛද්‍ය ප්‍රතිකාර කිරීමෙන් එම චීන ජාතික කාන්තාව සම්පූර්ණයෙන් සුවය ලබා ගත්තා. ඒ ශ්‍රී ලංකාවේ වෛද්‍යවරුන් මුළුමනින්ම ප්‍රතිකාර කිරීම සහ සෑම දිනකම මනා ලෙස රැකබලා ගැනීමට වෙන් කළ නොහැකියි. වෛද්‍යවරුන්ගේ උත්සාහයෙන් මෙතරම් කෙටි කාලයක් තුළ ඇය සුවය ලබා තියෙනවා.

ඒ සමඟම වසංගත නිවාරණය වෙනුවෙන් තීරණාත්මක හා ඵලදායී මඟ පෙන්වීම පිළිබඳව ශ්‍රී ලංකා ජනාධිපතිවරයාට සහ අග්‍රාමාත්‍යවරයාට ස්තූතිය පුද කරන බව සෞඛ්‍ය අමාත්‍යවරිය පැවසුවා.

චීනයේ නව කොරොනා වෛරස් නියුමෝනියා වසංගතය සිදු වීමෙන් පසු ශ්‍රී ලංකා රජය, මාධ්‍ය, ආගම්, සිවිල් සමාජ කණ්ඩායම් සහ වෙනත් ක්ෂේත්‍ර විසින් චීන ජනතාවට විවිධාකාරයෙන් අවංක සුබ පැතුම් හා ආශිර්වාද පිරිනමා ඇති අතර, චීන ජනතාව සමඟ සිටීමේ අධිෂ්ඨානය තදින්ම ප්‍රකාශ කර තියෙනවා. චීනය නිසැකවම එම වසංගතයට එරෙහි සටනෙන් ජයගෙන චීන ජනතාවගේ වැඩ හා ජීවන පිළිවෙළ නැවත ආරම්භ කරනු ඇතැයි ඔවුන් විශ්වාස කරනවා.

වසංගතය හමුවේ චීන ජාතිකයන්ට සමහර රටවල් වෙනස් ලෙස සලකමින් “චීනය අපකීර්තියට”පත් කරන අතර, මෙම චීන සංචාරකයාට ශ්‍රී ලංකාවේදී වඩාත් සැලකිලිමත් ලෙස සලකනු ලැබුවා. මේ මොහොතේදී, චීන ශ්‍රී ලංකා දෙරට අතර ගැඹුරු මිත්‍රත්වය සහ දුකේදී එක්ව සිටීමේ විශේෂ හැඟීම් එයින් අපට තදින්ම දැනෙනවා.

ගුවන් විදුලිය
20240423අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන