නව කොරොනා වෛරස් වසංගතයෙන් පසු යී වු හි රැඳී සිටින විදේශ ව්‍යාපාරිකයන්
2020-02-24 15:23:08
Share with:

නව කොරොනා වෛරස් වසංගතයෙන් පසු යී වු හි රැඳී සිටින විදේශ ව්‍යාපාරිකයන්

චීනයේ නව කොරොනා වෛරස් වසංගතය මතු වීමෙන් පසු චීනයේ ජ චියං පලාතේ යී වු නගරයේ දීර්ඝ කාලීනව වෙසෙන විදේශ ව්‍යාපාරිකයන් චීනයේ දිගටම රැඳී සිටීමට තීරණය කර තියෙනවා. ඔවුන් සිය සැබෑ ක්‍රියාවලින් තමන්ගේ දෙවැනි උපන් ගමට සහාය ලබා දෙනවා.

“මම මොහානයිඩ්, මම දැන් ඉන්නේ යී වු නගරයේ. සියළු දෙනා නිවසේ රැඳී සිටින්න! එළියට යන්න එපා!” කියා මේ දිනවල යළි යළිත් මතක් කරමින් විදේශිකයෙක් රූපගත කළ කෙටි වීඩියෝවක් බොහෝ දෙනාගේ අවධානයට ලක් ව තියෙනවා.

එම වීඩියෝවේ "ප්‍රධාන චරිතය" වන මොහානයිඩ් ජෝර්දානයෙන් චීනයට පැමිණ යී වු නගරයේදී අවන්හලක් පවත්වාගෙන යනවා. වසර ගණනාවක් චීනයේ ජීවත් වන ඔහුට මෙම වසංගතය ගැන අසාමාන්‍ය හැඟීමක් තියෙනවා. කළින් යී වු නගරයේ සෑම තැනකම මිනිසුන් පිරිලා සිටියත් දැන් වීදියේ මිනිසුන් මනුෂ්‍යයෙක්වත් දක්නට ලැබෙන්නේ නැ.

වසංගතය ඉතා හදිසියේම පැමිණිය ද, චීන රජය එය කාලෝචිත ආකාරයකින් විසඳා ගෙන ඇති අතර ඔවුන්ට විශාල සහායක් ලබා දී තිබෙන බව මොහානයිඩ් අවංකව ම පැවසුවා.

චීන රජයේ ඉල්ලීමට ප්‍රතිචාර වශයෙන් මොහානයිඩ් අවන්හල් විවෘතවීම අත්හිටුවා වසා දමා ඇති අතර ඔහු සහ සිය පවුලේ අය ස්වයංව නිවසේ රැඳී සිටිනවා. ඔහු කියා සිටියේ එළියට යාමට බලපෑමක් ඇති වුවද, ඔවුන්ට කෑම බීම ගැන කරදර නැති බවයි. චීන රජය එය ඉක්මණින් විසඳා ගනු ඇතැයි ඔවුහු විශ්වාස කරනවා. නමුත් එයට යම් කාලයක් ගතවනු ඇති. ඔහුගේ ඇස් හමුවේ ඔහුට පෙනෙන විදියට, යී වු තවමත් ආරක්ෂිත ස්ථානයක් බව ඔහු පැවසුවා.

වසංගතය සිදු වීමෙන් පසු, යී වු හි බොහෝ විදේශීය ව්‍යාපාරිකයින් පරිත්‍යාග සංවිධානය කොට සහනාධාර ද්‍රව්‍ය මිලදී ගෙන වසංගත විරෝධී පෙරමුණට යවා තියෙනවා. " මම දැඩි උත්සාහයක් දරා මගේ හොඳ මිතුරෙක් සඳහා මුඛ ආවරණ 5000 ක් මිලදී ගත්තා. "කියලා යී වු නගරයේ සිටින ව්‍යාපාරිකයෙකු වන මාමෝ කීව්වා. මාමෝ සඳහන් කළ "හොඳ මිතුරා" ඇත්ත වශයෙන්ම යී වු නගරයේ ආගමන විගමන කළමනාකරණ පරිපාලනයේ පොලිස් නිලධාරියෙක්.

මාමෝ වසර ගණනාවක් තිස්සේ යී වු හි ව්‍යාපාර කටයුතුවල නියැලී සිටිනවා. ඔහු පොලිසියෙන් උදව් ඉල්ලා සිටින විට ඕනෑම සිදුවීමකට ප්‍රතිචාර දැක්විය හැකියි. මේ වතාවේ තමන් අනිවාරයෙන් හැකි තරම් මිතුරන්ට සහාය ලබා දිය යුතු බව මාමෝ පැවසුවා. “චීනය මගේ දෙවැනි උපන් ගම, ඒ නිසා චීන ජනතාවට උදව් කිරීම ද තමන්ට උපකාර කරනවා වගේයි.”යැයි ඔහු සඳහන් කළා.

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන