චීනයේ හූ නාන් පළාතේ කොරොනා වෛරස් වසංගතය පාලනයට දායක වී සිටින වෛද්‍ය කාර්ය මණ්ඩලයක්
2020-02-05 14:28:22
Share with:

චීනයේ හූ නාන් පළාතේ කොරොනා වෛරස් වසංගතය පාලනයට දායක වී සිටින වෛද්‍ය කාර්ය මණ්ඩලයක්

පසුගිය මස අග වන විට, චීනයේ හූ බේ පළාතේ වූ හාන් නගරයේ කොරොනා වෛරස් වසංගතය බරපතළ ලෙස මතු වීමෙන් පසු, චීනය පුරා වෛද්‍ය සේවකයින් අතරින් විශාල පිරිසක් ස්වේච්ඡාවෙන් වූ හාන් නගරයට ගොස් ප්‍රතිකාර සේවා සඳහා එක්වීමට අයදුම් කර තිබෙනවා. එහෙම නැත්නම්, තමා සේවය කරමින් සිටින රෝහල්වල රැඳී සිටිමින් එම වසංගතය පාලනයට ඉතා කැපවීමෙන් දායක වෙමින් සිටිනවා.

පසුගිය මස අවසානය පමණ වන විට, චීනයේ හූ නැන් පළාතේදීත් එම වසංගතය මතු වී තිබෙනවා. එහි අගනුවර Chang Sha නගරයේ පිහිටි Xiang Ya රෝහලේ ළමා රෝග අංශය තුළ කොරොනා වෛරස් වසංගතය පාලනය සඳහා වන වෛද්‍ය කාර්ය කණ්ඩායමක් ස්ථාපිත කිරීම අත්‍යවශ්‍ය වුණා. එම අවශ්‍යතාව ගැන දැනුවත් කිරීමෙන් පසු විනාඩි 20ක් ඇතුළත එම අංශයේ වෛද්‍යවරුන් හා හෙදියන් බොහෝ දෙනෙක් ඒ සඳහා අයදුම් කළා.

එම අංශයේ නියෝජ්‍ය මහාචාර්යවරයෙක් වන Chen Zhiheng සඳහන් කළේ තමා ළමා රෝග අංශයේ චීන කොමියුනිස්ට් පක්ෂ ශාඛාවේ මහ ලේකම්වරයා බවයි. වෙනත් වෛද්‍ය සේවකයින් හා සැසඳීමේදී තමා දරන වැඩි වගකීම හා යුතුකම නිසා, එම කණ්ඩායම සඳහා අයදුම් කරන පළමුවැනියා බවට තමන් පත් විය යුතු බවයි ඔහු සඳහන් කළේ.

Xiang Ya රෝහලේ ළමා රෝග අංශයේ වෛද්‍ය කාර්ය මණ්ඩලයේ සාමාජිකයින් ආරක්ෂක ඇඳුම් ඇඳගෙන ආරක්ෂක වෙස් මුහුණු පැළඳ ගෙන, සෑම දිනයක ම ඉතා කාර්ය බහුල කාලයක් ගත කරමින් සිටිනවා. ආරක්ෂක වෙස් මුහුණු පැළඳ ගෙන සිටින නිසා ඔවුන්ට එකිනෙකා හඳුනා ගැනීමේ අපහසුතාවක් තිබෙනවා. මේ නිසා, ඔවුන් තම ආරක්ෂක ඇඳුම්වල පිටුපස නම ලියා ගත්තා. එමගින් ඔවුන්ට එකිනෙකා හඳුනා ගැනීම පහසු වී ඇති අතර අන්‍යෝන්‍ය වශයෙන් දිරිමත් කිරීම ද කළ හැකියි.

Zheng Yixiang එම රෝහලේ ආසාදිත රෝග අංශයේ වෛද්‍යවරයෙක්. ඔහු වයස මාස 8ක දරුවෙකුගේ පියෙක්. පසුගිය මාස අවසානයේ උදා වූ චීන සාම්ප්‍රදායික අලුත් අවුරුදු සමය තුළ, සතියක් පුරා නිවසට නොගිය Zheng Yixiang වෛද්‍යවරයා තම රාජකාරියේ දිගටම රැඳී සිටියා. වැඩිම කාර්ය බහුල දවසක ඔහු පැය 20ක් පුරා වැඩ කරමින් සිටියා. ආරක්ෂක ඇඳුම් 5ක් ඇඳගෙන පැය 4ක් පුරා වැඩ කිරීමෙන් පසු, මුළු ඇඟ ඉතා දැඩි දහඩියෙන් තෙත්වී තිබෙනවා. චීන ජනතාවට අතිශ්‍ය වැදගත් වන ඇලුත් අවුරුද්දට පෙරදා රාත්‍රීයේ ඔහු පවුලේ සාමාජිකයින් එක්ක වීඩියෝ ඇමතුමක පමණයි නිරත වුණේ.

Zheng Yixiang වෛද්‍යවරයා සඳහන් කළේ ආසාදිත රෝග අංශය, වෙඩි බෙහෙත් දුම් නැති යුධ පිටියක් මෙන් අනතුරුදායක අංශයක් බවයි. පවුලේ සාමාජිකයින් තමා ගැන කණසල්ලක් දක්වන නිසා වැඩ ගැන වැඩිදුර තොරතුරු ඔහු පැහැදිලි කළේ නැනැ. මේ ගැන තම බිරිඳ හා දරුවාගෙන් සමාව ඉල්ලීමට අවශ්‍ය බව කියමින් Zheng Yixiang වෛද්‍යවරයාගේ දෑස්වලින් කඳුළු පිරෙනු දැකිය හැකි වුණා.

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන