2020 චීන වසන්ත උත්සවයේ ප්‍රාසාංගික සංදර්ශනය
2020-01-25 00:23:21
Share with:

2020 සාම්ප්‍රදායික චීන අලුත් අවුරුදු ප්‍රාසාංගික සංදර්ශනය24 වැනිදා රාත්‍රීයේ අතිඋත්කර්ෂවත් අන්දමින් පැවැත්විය. එය 5ජී, ඩ්‍රෝන යානා යනාදී නව තාක්ෂණ හා මෙවලම් භාවිත කොට නිර්මාණය කෙරුණු ගෝලීය ප්‍රේක්ෂකයන් වෙත විද්‍යාත්මක හා සංස්කෘතික සාධක මිශ්‍ර වූ දෘෂ්‍යමය හා ශ්‍රව්‍යමය සංදර්ශනයකි. විනාඩි 260ක් දිගැති මෙම ප්‍රාසාංගික සංදර්ශනය චීන මාධ්‍ය සමූහයේ නිෂ්පාදනයකි. ඊට නැටුම් ගැයුම්, මැජික්, කරණම්, නාට්‍ය යනාදී විශේෂාංග ඇතුළත්ය. මෑතදී මතු ව ඇති නව වර්ගයේ කොරොනා වෛරස් වසංගතය නිවාරණය කිරීම තේමා කොට ගෙන නිර්මාණය කෙරුණු අලුත්ම විශේෂාංගයක් මගින් එම වසංගත තත්ත්වය වැඩියෙන් වාර්තා වන වුහන් නගරයට අනුබලය දැක්වීම මෙම වසරේ චීන වසන්ත උත්සවයේ ප්‍රාසාංගික සංදර්ශනයේ විශේෂත්වයකි.

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන