විද්‍යාව හා තාක්ෂණය මුසු කරගත් චීන නව අවුරුදු ප්‍රවාහන සේවා
2020-01-21 15:45:03
Share with:

විද්‍යාව හා තාක්ෂණය මුසු කරගත් චීන නව අවුරුදු ප්‍රවාහන සේවා

2020 වසරේ වසන්ත උත්සව සමයේ විශේෂ ප්‍රවාහනය 5G යුගයට පිවිස තියෙනවා.

මෑත වසර තුළ විද්‍යාව හා තාක්ෂණය වර්ධනයවීමත් සමඟම දුම්රිය මාර්ග, ගුවන් මාර්ග යන වසන්ත උත්සව සමයේ විශේෂ ප්‍රවාහන සේවාවල බුද්ධිමත්කරණ මට්ටම තවදුරටත් ඉහළ ගොස් තියෙනවා. ස්වයං සේවා පිරික්සුම, ස්වයං පරීක්ෂා කිරීමේ ගමන් මලු, දුම්රිය ස්ථානය තුළ නිවැරදිව ස්ථානගත කිරීම සහ ගමන් කිරීම, වාහන නැවැත්වීම, මුහුණු හඳුනාගැනීමෙන් දුම්රිය ස්ථානයට ඇතුළත්වීම යන තාක්ෂණය මත යැපෙන වසන්ත උත්සව සමයෙහි ගමන වඩාත් උණුසුම් හා සරල වෙමින් පවතිනවා.

මෙවර වසන්ත උත්සව සමයේ ප්‍රවාහනය, චීනයේ ක්‍රියාත්මක වන කාර්යබහුලම අධිවේගී දුම්රිය මාර්ගවලින් එකක් වන ගුවන්චෞ -ෂෙන්චෙන්-හොංකොං අධිවේගී දුම්රිය මාර්ගය 5G ජාලයක් ආවරණය වන ලොව පළමු අධිවේගී දුම්රිය බවට පත්ව තියෙනවා. ගුවන්චෞ-ෂෙන්චෙන්-හොංකොං අධිවේගී දුම්රිය මාර්ගවල මහ ගොඩබිමේ කොටස් 5G ජාල සංඥා ආවරණයක් ලබා ඇති අතර මගීන්ගේ ගමන් අත්දැකීම් තවදුරටත් වැඩිදියුණු කොට තිබෙනවා.

5G ජාල සංවර්ධනයත් සමඟම ගුවන්චෞ දකුණු දුම්රිය ස්ථානය, ෂෙන්චෙන් උතුරු දුම්රිය ස්ථානය යනාදී සුපිරි දුම්රිය ස්ථාන ස්මාර්ට් බුද්ධියෙන් යුත් ස්ථාන බවට පත්වීම සඳහා කටයුතු කෙරෙමින් පවතිනවා. මෙම වසරේ වසන්ත උත්සව සමයේ ප්‍රවාහන කාලසීමාවේ, දුම්රිය දෙපාර්තමේන්තුව අදාළ ව්‍යවසායන් සමඟ සහයෝගයෙන් කටයුතු කරමින් මගීන් සඳහා බුද්ධිය සහ විනෝදය ඒකාබද්ධ කරන පුවසහසු අවකාශයක් නිර්මාණය කිරීමට උත්සාහ දරනවා.

විද්‍යාව හා තාක්ෂණය මුසු කරගත් චීන නව අවුරුදු ප්‍රවාහන සේවා


ගුවන් විදුලිය
20240508බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන