චීන වසන්ත උත්සව චාරිත්‍ර වාරිත්‍ර පිළිබඳ විදේශිකයින්ගේ අත්දැකීම
2020-01-21 15:32:51
Share with:

චීන වසන්ත උත්සව චාරිත්‍ර වාරිත්‍ර පිළිබඳ විදේශිකයින්ගේ අත්දැකීම

2020 වසරේ චීන වසන්ත උත්සවය ළං වෙමින් පවතිද්දී මොරොක්කෝ ජාතික කාන්තාවක් වන ඇනා චීනයේ නැගෙනහිර ච චියං පලාතේ පිහිටි පුරාණ පුංචි නගරයක් වන Qian tong නගරයට පැමිණ සාම්ප්‍රදායික අලුත් අවුරුදු චාරිත්‍ර වාරිත්‍ර අත්වින්දා. එහිදී චීන සාම්ප්‍රදායික සංස්කෘතිය කෙරෙහි තමන් දැඩි ඇල්මක් දැක්වූ බව ඇය පවසනවා.

ඇනා හා ඇගේ සැමියා, ඇමරිකාව, බ්‍රිතාන්‍යය, කැනඩාව හා රුසියාව යනාදී විවිධ රටවලින් චීනයට පැමිණි විදේශ මිතුරන් 100කට වැඩි පිරිසක් මේ පැරණි නගරයේදී එහි ප්‍රාදේශීය වැසියන් සමඟ චීන සාම්ප්‍රදායික අලුත් අවුරුදු සිරිත් පොදුවේ අත්විඳ තිබෙනවා.

වසන්ත උත්සව සමය ළඟා වෙමින් පවතින අතර පැරණි Qian tong නගරය රතු පහන්වලින් ආලෝකමත් වී තියෙනවා. එතරම් සුන්දර පුරාණ චීන නගරයක තමන්ට පුදුමයක් හා ප්‍රීතියක් දැනෙනවා කියලා ඇනා කිව්වා. චීන රසවත් ආහාර, සුන්දර දර්ශන හා පුරාණ චාරිත්‍ර වාරිත්‍රවලට මුහුණ දුන් ඇනා නැවත නැවතත් පැවසුවේ චීන සංස්කෘතියට විශාල ආකර්ෂණයක් ඇති බවයි.

චීනය ගැන උනන්දුවක් දක්වන ඇනා මෙන් ඉන්දියානු ව්‍යාපාරික කේට් මහතා ද සිටිනවා. මීට වසර දහයකට පමණ කළින් කේට් සහ සිය පවුල ඉන්දියානු අවන්හලක් පවත්වාගෙන යාම සඳහා ච චියං පලාතේ නිංබෝ නගරය වෙත පැමිණියා. ඉන්දියානු ආහාර පිසීමට දක්ෂ කේට් මහතා චීන ආහාර වර්ගයක් වන ටෝෆු පිළිබඳව විශේෂ අවබෝධයක් තියෙනවා. "මෙය චීනයේ රසයයි. ආහාර පිසීමේදී සෑම දෙයකටම වඩා රසය වැදගත්. මම චීන රසයට කැමතියි" කියා ඔහු පැවසුවා.

"විවාහ සිරිත්" අත්දැකීම් ශාලාවේදී ඇනා සහ ඇගේ සැමියා මංගල ඇඳුම් ඇඳගෙන පැරණි සාම්ප්‍රදායික විවාහ මංගල්‍යය අත්වින්දා. ඒ විතරක් නෙමෙයි, එහිදී මැටි පිළිරූ නිර්මාණ, උණබට ගෙත්තම්, ගෙත්තම් සහ චීන අක්ෂර කලාව යනාදී සාම්ප්‍රදායික ජන සිරිත් විරිත් අත්දැකීම් මගින් විදේශිකයින් පැරණි පෙරදිග ශිෂ්ටාචාරයේ අලංකාරය අවබෝධ කර ගෙන තියෙනවා.

චීන ආහාරපානවල සිට සුවිශේෂී සුන්දර දර්ශන දක්වා, පැරණි චාරිත්‍ර වාරිත්‍රවල සිට සාම්ප්‍රදායික නිපුණතා දක්වා, වර්තමාන සාම්ප්‍රදායික චීන සංස්කෘතිය ජාත්‍යන්තර අවධානය වැඩි වැඩියෙන් ආකර්ෂණය වී කර තිබෙනවා.

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන