ශ්‍රී ලංකාවේ සුන්දරත්වයට නව ආරම්භයක්
2020-01-19 16:14:08
Share with:

ශ්‍රී ලංකාවේ සුන්දරත්වයට නව ආරම්භයක්

කොළඹ වරාය නගර ව්‍යාපෘති‍යේ මෙහෙයවීමෙන්, දේශීය හවුල්කරුවන් සමඟ එක්ව කොළඹ නගරයේ කිලෝමීටර් 5 ක වෙරළ තීරයක් පිරිසිදු කිරීමේ ව්‍යාපෘතියක් පසුගිය 4වැනිදා ගල්කිස්ස වෙරළබඩ තීරයේදී ආරම්භ කෙරුණා. එම ව්‍යාපෘතියේ නම“කොළඹ සොඳුරු වෙරළ සැලැස්ම”යන්නයි.

මෙම ව්‍යාපෘතියෙන් වැල්ලවත්ත, දෙහිවල සහ ගල්කිස්ස යන වෙරළ තීරය දිනපතා කිලෝමීටර් 5ක් පිරිසිදු කිරීම වසර පුරා ක්‍රියාත්මක කෙරෙනවා. ව්‍යාපෘතිය සඳහා කොළඹ වරාය නගරය විසින් අරමුදල් සපයනවා.

සමාරම්භක උත්සවයට එක් වූ කොළඹ වරාය නගර ව්‍යාපෘතියේ කළමණාකාර අධ්‍යක්ෂ Jiang Hou liang මහතා පැවසුවේ මෙම ව්‍යාපෘතිය කොළඹ තිරසාර නාගරික ජීවන රටාව ප්‍රවර්ධනය කරන බවයි. සමාරම්භක අවස්ථාවට දේශීය හා චීන වරාය නගර සේවකයින්, පාසල් ළමුන් සහ විවිධ පවුල්වල සාමාජිකයින් ඇතුළු ස්වේච්ඡා සේවකයන්, විදේශීය සංචාරකයින් ද ඇතුළු විශාල පිරිසක් සහභාගී වුණා.

ශ්‍රී ලංකාව පිරිසිදුව හා සුරක්ෂිතව තබා ගැනීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රතිපත්තිමය ප්‍රමුඛතාවක් බව පරිසර රාජ්‍ය අමාත්‍ය ජයන්ත සමරවීර මහතා පැවසුවා. ශ්‍රී ලංකාව පිරිසිදුව තබා ගැනීම දිනයක ක්‍රියාකාරකමක් නෙමෙයි, එය දිගුකාලීන ක්‍රියාදාමයක්. ඊට අවශ්‍ය වන්නේ සියළු පුරවැසියන් හා රාජ්‍ය ආයතනවල පොදු සහයෝගීතාවයි.

ගල්කිස්ස පොදු වෙරළබඩ ප්‍රවේශ දොරටුව අසලදී, විවිධ වර්ණවලින් අලුතින් එකතු කරන ලද කසළ බඳුන් ඉතා කැපී පෙනෙනවා. සංචාරකයින් දැනුවත්වම අපද්‍රව්‍ය නම් කරන ලද කසළ බඳුන්වලට දැමීම එහිදී දක්නට ලැබෙනවා.

“කොළඹ සොඳුරු වෙරළ සැලැස්ම”අඛණ්ඩ වශයෙන් ක්‍රියාක්මක කරන්න අපි බලාපොරොත්තු වෙනවා. ශ්‍රී ලංකාවේ වෙරළබඩ ලස්සන හා පිරිසිදුව තබා ගනු ඇතැයි විශ්වාස කෙරෙනවා. මාකෝ පෝලෝ විසින් "ලෝකයේ ලස්සනම දූපත" ලෙස වර්ණනා කළ ඉන්දියන් සාගරයේ මුතු ඇටයක් වන ශ්‍රී ලංකාව වඩා වැඩියෙන් සුන්දර වනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා. එවිට සංචාරකයන් මෙම සුන්දර දූපතට තව තවත් ආකර්ෂණය වේවි.

ගුවන් විදුලිය
20240418බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන