ගැන්සූ පළාතේ පුරාවස්තු සංරක්ෂණයට නව ගිවිසුමක්
2020-01-07 10:21:58
Share with:

මෑත වසර කිහිපය තුළ ගෝලීය වශයෙන් බැලුවොත් බොහෝ පැරණි සංස්කෘතික ස්ථාන වල ගිනි හටගෙන තිබූණා. එවැනි අනතුරු සිදුවීම් වලින් මානව ෂිශ්ථාචාරයට විශාල හානි එල්ල වූණා.

බටහිර චීනයේ ගැන්සූ පළාත ඓතිහාසික හා සංස්කෘතික උරුමයන් විශාල ප්‍රමාණයක් හිමි ප්‍රදේශයක්. ඩුන් හුවාන් ගල් ගුහාව, වූවෙයි හන් අධිරාජ්‍ය කාලයේ සෞහොන් ඇතුළු විවිධ වර්ගයේ සංස්කෘතික උරුමයන් එම පළාතේ පිහිටා තිබෙනවා. අදාළ ස්ථාන නිසි ආකාරයකින් සුරක්ෂිත කර අනතුරකින් සිදු විය හැකි හානි විශාල වශයෙන් අවම කිරීම ඉතා වැදගත් කටයුත්තක්.

පසුගිය දා ගැන්සූ පළාතේ පුරාවස්තු දේපාර්තමේන්තුව සහ China Life රක්ෂණ සමාගම ,ශන්හැයි Jianwei libao තාක්ෂණ සමාගම අතර සහයෝගිතා ගිවිසුමක් අත්සන් කෙරුණා. එම ගිවිසුම මගින් රජයේ ප්‍රමුඛත්වයෙන් සමස්ත සමාජය ම එක්ව පුරාවස්තු සුරක්ෂිත කිරීමේ නව ක්‍රමයක් සොයා ගැනීමේ අදාළ පාර්ශ්වයන් නියැලි සිටිනවා. චීනයේ පුරාවස්තු රක්ෂණ වෙළඳපොළ තවමත් පවතින්නේ ආරම්භක අදියරේ. පුරාවස්තු සඳහා රක්ෂණ ආවරණ අනුපාතය ඉතා අඩු වන බව ගැන්සු පළාතේ පුරාවස්තු දේපාර්තමේන්තුවේ අධ්‍යාක්ෂ Ma Yuping මහත්මිය ප්‍රකාශ කළා. රක්ෂණ සමාගමේ අවදානම් පාලන හැකියාව සහ තාක්ෂණ සමාගමේ නිරීක්ෂණ සේවා මගින්, පුරාවස්තු පාලනය හා සුරක්ෂිත කිරීමේ ප්‍රතිපත්ති සකස් කිරීමේදී පුරාවස්තු දේපාර්තමේන්තුවට උපදෙස් ලබා දීම මෙවර සහයෝගිතාවේ ප්‍රධාන අරමුණ බව ඇය සඳහන් කළා.

ගැන්සූ පළාතේ පුරාවස්තු සංරක්ෂණයට නව ගිවිසුමක්

ගැන්සූ පළාතේ පුරාවස්තු සංරක්ෂණයට නව ගිවිසුමක්

Jia/sheng

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන