සියවස් ගණනක් පැරණි Wanli Chadao තේ මාර්ගය
2020-01-07 10:16:41
Share with:

17 වැනි සියවසේ අවසන් කාලයේ දකුණු චීනයේ Fujian පළාතේ Wuyiකඳු ප්‍රදේශයේ සිට රුසියාවේ Petersburg නගරය දක්වා ඉතා කාර්ය බහුල තේ මාර්ගක් ති‍බූණා. සමස්ත දුර කිලෝමීටර් දහදහසකින් සමන්විත එම පැරණි ජාත්‍යාන්තර වාණිජ්‍ය මාර්ගය Wanli Chadao ලෙස නම් කෙරුණා. චීන භාෂාවෙන් Wanli කියන්නේ කිලෝමීටර් දහදහසක් කියලා. Chadao යන වචනයේ අර්ථය වන්නේ තේ මාර්ගයයි. වසර දෙසියක් පමණ කාලය තුළ Wanli Chadao නම් එම තේ මාර්ගය ඉතා සමෘද්ධිමත්ව ක්‍රියාත්මක වුණා. එය චීනය හා ලෝකය සම්බන්ධ වූ සේද මාවතේ ඉතා වැදගත් කොටසක් ලෙසට සැලකනවා. එම මාර්ගය ඔස්සේ චීන තේ කොළ හා තේ සංස්කෘතිය රුසියාවට මෙන්ම යුරෝපා රටවල් වලට යොමු කළ බවට විශ්වාස කෙරෙනවා. එම පැරණි තේ මාර්ගය එක්සත් ජාතීන්ගේ UNESCO සංවිධානයේ ලෝක සංස්කෘතික උරුම පිළිබඳ නම් ලැයිස්තුවට ඉදිරිපත් කිරීම සඳහා පැවති ක්‍රියාකාරකම් පසුගිය දා චීන Fujian පළාතේ Wuyi නගරයේදීපැවැත්වූණා.  

චීන සංස්කෘතිය ප්‍රචාරය කිරීමේ සංගමයේ උප සභාපති Guojie මහතා පැවසුවේ මේ වසරේ මාර්තු මාසේ Wanli Chadao නම් එම පැරණි තේ මාර්ගය චීනයේ ලෝක සංස්කෘතික උරුම පිළිබඳ අතිරේක නම් ලැස්තුවට ඇතුළත් කර ඇති බවයි. අදාළ ක්‍රියාකාරකම් මගින් එම තේ මාර්ගය හා සම්බන්ධ වන චීනය,මොංගෝලියාව හා රුසියාව ඇතුළු විවිධ පාර්ශ්වයන්ගේ ශක්තිය සම්බන්ධීකරණය කෙරෙනවා. එමෙන්ම එම මාර්ගය ලෝක උරුම නම් ලැස්තුවට ඇතුළත් වීමේ ක්‍රමවේදයන් සොයා ගෙන අදාළ ක්‍රියාවන් වෙනුවෙන් පෙදු එකඟතාවකට එළඹවීම මෙවර ක්‍රියාකරකමේ ප්‍රධාන අරමුණයි.

එම පැරණි තේ මාර්ගයේ ආරම්භක ස්ථානය ලෙස Wuyi පැරණි ගම්මානය හා පැරණි තේ වත්ත යන ඓතිහාසික ස්ථාන හා නටබුන් 20ක් අදාළ සුරක්ෂිත වැඩපිළිවෙළට ඇතුළත් කර ඇති බව Wuyi නගරයේ නගරාධිපතිවරයා ප්‍රකාශකළා. මෑත වසර කිහිපය තුළ Wuyi නගරය ලෝක සංස්කෘතික උරුම කෙරෙහි ක්‍රියාත්මක කරන සුරක්ෂිතභාවය,උරුම් කිරීම හා ප්‍රයෝජනය කිරීම පිළිබඳ ක්ෂේත්‍ර වල විවිධ සක්‍රිය අත්හතා බැලීම් ක්‍රියා කළා. ඉදිරියේදීWanli Chadao පැරණි තේ මාර්ගය ලෝක උරුම නම් ලැයිස්තුවට ඇතුළත් වීම සඳහා සිය නගරය පියවර ගැනීමට සූදානමින් සිටින බව හෙතෙම පැවසුවා.

සියවස් ගණනක් පැරණි Wanli Chadao තේ මාර්ගය

Jia /Sheng

ගුවන් විදුලිය
20240424 බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන