ආසියා - ශන්තිකර කලාපීය අවකාශ තාක්ෂණය හා අධ්‍යාපනය පිළිබඳ මධ්‍යස්ථානයේ ඉදිරි සැලසුම්
2020-01-02 16:00:52
Share with:

ආසියා - ශන්තිකර කලාපීය අවකාශ තාක්ෂණය හා අධ්‍යාපනය පිළිබඳ මධ්‍යස්ථානය 2014 වසරේ ස්ථාපිත කෙරුණා. මෙම කලාපයේ ප්‍රථම රාජ්‍ය අවකාශ තාක්ෂණ හා අධ්‍යාපන ආයතනයක් ලෙස එම මධ්‍යස්ථානය එක්සත් ජාතීන්ගේ සංවිධානයට අයත්. බෙයිජිං ගඟන යාත්‍රා හා අභ්‍යවකාශ විශ්වවිද්‍යාලයේ ප්‍රමුඛ අනුග්‍රහය යටතේ එම මධ්‍යස්ථානය ක්‍රියාත්මක වෙනවා.

ගතවූවසර 5ක කාලය තුළ එම මධ්‍යස්ථානය සංවර්ධනය වෙමින් පවතින රටවල් 24ක් සඳහා විෂයන් 5ක පාශ්චාත් උපාධිධාරීන් හා ආචාර්ය උපාධිධාරීන් 237 දෙනෙකුට අධ්‍යාපනය ලබා දූන්නා. දුරස්ථ සංවේදය හා භූගෝලීය තොරුතුරු පද්ධතිය, චන්ද්‍රිකා සන්නිවේදනය, චන්ද්‍රිකා මඟපෙන්වීමේ පද්ධතිය, කුඩා ප්‍රමාණ චන්ද්‍රිකා පිළිබඳ තාක්ෂණය, අවකාශ නීතිය හා ප්‍රතිපත්ති යන විෂයන් ඊට ඇතුළත්. එමෙන්ම අදාළ විෂයන් හා සම්බන්ධ කෙටිකාලීන පුහුණු 20ක් පමණ එම මධ්‍යස්ථානය පැවැත්වුවා. රටවල් 64කින් පැමිණි දහසක පමණ පිරිසක් අදාළ පුහුණ වලට එක්වුණා.

පසුගිය දා බෙයිජිංහිදීපැවති එම මධ්‍යස්ථානයේ සිව්වැනි කමිටු රැස්වීමේදීචීන ජාතික අභ්‍යාවකාශ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ Zhang Kejian මහතා පැවසුවේ එම මධ්‍යස්ථානයේ ඉදිරි වැඩකටයුතු වලට චීන රජය අඛණ්ඩව සහය ලබා දෙනු ඇති බවයි. එම මධ්‍යස්ථානය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය ගාස්තුව, ශිෂ්‍යත්ව හා ප්‍රතිපත්ති සහය පිළිබඳව චීනය අනුබල දෙන බව ඔහු සඳහන් කළා. එමෙන්ම අජටාකාශ තාක්ෂණයෙන් ලැබූජයග්‍රහණ වඩා වැඩි රටවල් වලට හා ජනතාවට හිමි වීම සඳහා ඉදිරියේදීඑම මධ්‍යස්ථානය වඩා විවෘතව ක්‍රියා කරමින් සහයෝගතා රා‍මුව නවීකරණය කර සහයෝගිතා ‍ක්ෂේත්‍රය ව්‍යප්ත කරනු ඇතැයි චීන ජාතික අජටාකාශ දෙපාර්තමේන්තුවේ අධ්‍යාක්ෂවරයා එහිදී ප්‍රකාශ කළා.

ආසියා - ශන්තිකර කලාපීය අවකාශ තාක්ෂණය හා අධ්‍යාපනය පිළිබඳ මධ්‍යස්ථානයේ ඉදිරි සැලසුම්

ආසියා - ශන්තිකර කලාපීය අවකාශ තාක්ෂණය හා අධ්‍යාපනය පිළිබඳ මධ්‍යස්ථානයේ ඉදිරි සැලසුම්

Jia/Shi

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන