නව බලශක්තියෙන් පරිසරය සුරැකීමේ ව්‍යාපෘතියට චීනයේ සහය
2020-01-02 15:54:16
Share with:

සංවර්ධනය වෙමින් පවතින රටවල් හා ප්‍රදේශ වල නව බලශක්තියෙන් ධාවනය වන මෝටර් රථ වැඩියෙන් භාවිත කිරීමට සහය ලබා දීම, එක්සත් ජාතීන්ගේ විද්‍යුත් රථ ගමනාගමන ව්‍යාපෘතියේ ප්‍රධාන අරමුණයි. ලෝකයේ රටවල් 8ක දීවිද්‍යුත් රථ වැඩසටහන් ආරම්භ කිරීමට එම ව්‍යාපෘතියෙන් ක්‍රියා කෙරෙනවා.

චීන Tailing සමාගම එම ව්‍යාපෘතියේ සහයෝගතා හවුල්කරුවෙක්. පසුගිය දා එම සමාගම පිලිපීන තැපල් සේවා සමාගමට විද්‍යුත් රථ 30ක් පරිත්‍යග කළා. එරට දිනෙන් දින උග්‍ර වෙමින් පවතින පරිසර ප්‍රශ්නයට මුහුණ දීම සඳහා චීන සමාගම සහය ලබා දූන්නා. ඒ සඳහා පැවති පරිත්‍යාග පිරිනැමීමේ උත්සවයේදී Tailing සමාගම් නියෝජ්‍ය අධ්‍යක්ෂ Li Kunfeng මහතා විද්‍යුත් ත්‍රීවිල 10ක් පිලිපීන තැපල් සේවා සමාගමට භාර දුන්නා. මෙම ව්‍යාපෘතිය මගින් හරිත සහ බලශක්ති පිරිමැසීමේ ගමනාගමන ක්‍රමය ප්‍රචාරය කරමින්, පරිසර සුරක්ෂිත කිරීමේ සංකල්පය පිළිබඳව පිලිපීන ජනතාවට වැඩි අවබෝධ ලබා දීමට සිය සමාගම අපේක්ෂා කරන බව Li Kunfeng මහතා එහිදී පැවසුවා. ඒ වැනි නව බලශක්තියෙන් ධාවනය වන මෝටර් රථ මගින් මැනිලා නගරේ තැපල් සේවා පද්ධතියේ තැපල් බෙදා හැරීමේ ඵලදායිතාව ඉහළ නංවා බලශක්ති භාවිත ප්‍රමාණය අඩු කළ හැකි බව පිලිපීනයේ තැපල් සේවා ගමාගමේ මැනිලා දිස්ත්‍රික් කළමනාකරු Oliver balderrama මහතා ප්‍රකාශ කළා.

මේ සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ පරිසර වැඩසටහනේ ආසියා ශන්තිකර කලාපීය කාර්යාලයේ ප්‍රධානි Bert Fabian මහතා සඳහන් කළේ පිලිපීනයේ විශේෂයෙන්ම මැනිලා නගරයේ පරිසර දූෂණය හා රථවාහන තදබදය යන ප්‍රශ්න කෙරෙහි ලෝකයේ අවධානය යොමු වූ බවයි. නව බලශක්තියෙන් ධාවනය වන මෝටර් රථ භාවිත කිරීම අදාළ ප්‍රශ්න විසඳා ගැනීමේ වැදගත් පියවරක් බව ඔහු පැවසුවා.  


නව බලශක්තියෙන් පරිසරය සුරැකීමේ ව්‍යාපෘතියට චීනයේ සහය

නව බලශක්තියෙන් පරිසරය සුරැකීමේ ව්‍යාපෘතියට චීනයේ සහය

නව බලශක්තියෙන් පරිසරය සුරැකීමේ ව්‍යාපෘතියට චීනයේ සහය

Jia/Shi

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන