2020 වසරේ චීන වසන්ත උත්සව සමයේ දුම්රිය භාවිත කරන මගීන් සංඛ්‍යාව කෝටි 44ක් වනු ඇතැයි ඇස්තමේන්තු කෙරේ
2020-01-02 15:45:28
Share with:

2020 වසරේ චීන වසන්ත උත්සව කාලයේ දුම්රිය භාවිත කරන මගීන් සංඛ්‍යාව කෝටි 44ක් වනු ඇතැයි ඇස්තමේන්තු කෙරෙනවා. පසුගිය දා චීන ජාතික දුම්රිය සේවා සමාගම මේ බව ප්‍රකාශ කළා. 2020 වසරේ වසන්ත උත්සවය වෙනුවෙන් විශේෂ දුම්රිය සේවා ලබන මස 10 වැනිදා සිට පෙබර්වාරි මස 18 වැනිදා දක්වා ක්‍රියාත්මක කෙරෙනවා. දින 40ක කාලය තුළ මගීන් කෝටි 44ක් වනු ප්‍රවාහනය කෙරෙන අතර එම සංඛ්‍යාව පසුගිය වසර හා සැසඳීමේදී සියයට 8 කින් වැඩි බවයි පැවසෙන්නේ.

2020 වසරේ වසන්ත උත්සවය වෙනුවෙන් විශේෂ දුම්රිය සේවා සඳහා චීන ජාතික දුම්රිය සේවා සමාගම විවිධ පියවර ක්‍රියාත්මක කරනවා. දුම්රිය මාර්ග සංවර්ධනය හා තාක්ෂණ නවීකරණයේ අලුත් ජයග්‍රහණ ප්‍රයෝජනයට ගනිමින් එම සමාගම විවිධ කටයුතු ක්‍රියාත්මක කිරීමට සුදානම් වනවා. මගී ප්‍රවාහන ධාරිතාව විද්‍යාත්මක ලෙස සම්බන්ධීකරණය කරමින් එළඹෙන වසන්ත උත්සව කාලයේ පෙර නොවූපරිදි වැඩිම මගීන් සංඛ්‍යාවක් ප්‍රවාහනය කළ හැකි බව චීන ජාතික දුම්රිය සේවා සමාගම සඳහන් කළා.

චීන දුම්රිය මාර්ග ජාලය අඛණ්ඩව ව්‍යාප්ත වීම සාර්ථක වීමත් සමඟ වසන්ත උත්සව කාලයේ දුම්රිය මගී ප්‍රවාහන ධාරිතාව තවදුරටත් ඉහළ නංවා තිබෙනවා. මේ වසරේ අවසාන වන විට චීනයේ දුම්රිය මාර්ග පද්ධතියේ සමස්ත දුර කිලෝමීටර් ලක්ෂ 1.39 ක්. ඒ තුළ අධිවේගි දුම්රිය මාර්ග කිලෝමීටර් 35 දහසක්. ලෝකයේ නවීනතම දුම්රිය මාර්ග ජාලය මෙන්ම දියුණුම අධිවේගි දුම්රිය මාර්ග ජාලය ද චීනයට හිමි වනවා.

2020 වසරේ චීන වසන්ත උත්සව සමයේ දුම්රිය භාවිත කරන මගීන් සංඛ්‍යාව කෝටි 44ක් වනු ඇතැයි ඇස්තමේන්තු කෙරේ

2020 වසරේ චීන වසන්ත උත්සව සමයේ දුම්රිය භාවිත කරන මගීන් සංඛ්‍යාව කෝටි 44ක් වනු ඇතැයි ඇස්තමේන්තු කෙරේ

2020 වසරේ චීන වසන්ත උත්සව සමයේ දුම්රිය භාවිත කරන මගීන් සංඛ්‍යාව කෝටි 44ක් වනු ඇතැයි ඇස්තමේන්තු කෙරේ

Jia/Shi


ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන